
සදා නොවෙනස් ආදරේ උල්පතයි
ඔබ මට මගේ අම්මේ…
සදා දිදුලන පහන්ටැඹ වී
අපේ දිවියම එළිය කෙරුවේ…
කොතෙක් බාධක පැමිණියත් මග
නැහැනෙ කිසිදා සැලී වැටුණේ…
පියෙක් නැති අඩුව නම් දැනුනේ
නෑ අපට ඔබෙ ආලෙ හමුවේ…
මහාමෙර වන් දුක්ම උසුලා
අපට සැපවත් දිවිය සදනට…
කරන මෙහවර අනභිභවනීයයි
අප වෙනුවෙන්ම වෙහෙසව…
නිවස සේ රැකියාව වෙනුවෙන්
කරුණාව හැමවිටම පතුරන…
ලොව දනන් හට සෙතම සලසයි
දරුවන් ලෙසින් ඇය සිතා සැමවිට…
හොදම යෙහෙලිය, ගුරුතුමිය වී
සිටි ලෙසින් මා පසුපසින් ඔබ..
වරම් ලැබුවෙමි දිනන්නට
ජීවිතේ කඩඉම් තුටින් මේලෙස..
නිරෝගී සුව සතුට වදිමින්
යෙහෙන් දිගුකල් ආයු ලැබුමට…
පතන්නෙමි මේලෙසින් ආසිරි
සෙවණැල්ල වූ මෑණියන් හට…
~Rtr. Kulesha Rashmini