You are currently viewing අව්‍යාජ හීනය

අව්‍යාජ හීනය

තරු දිලෙන රෑයාමක

නුඹ එක්ක ඇවිදින්නට

තරු අතර සැගවෙන්නට

මාත් උන්නා හීනයක කාටවත් නොකියාපු…

.

පෙර දිනක ඇවිදාපු

මගෙහි යලි ඇවිදින්නට

රැයේ සිසිලස විදගන්නට

මාත් උන්නා හීනයක කාටවත් නොකියාපු…

.

අප අතර තිබුනාවු

මතක යලි ගොඩගන්න

පැතුම් මැද තනිවෙන්න

මාත් උන්නා හීනයක කාටවත් නොකියාපු…

.

හද කොනක තිබුනාවු

සුසුම් යලි ඇහරෙන්න

නුඹ පහස විදගන්න

මාත් උන්නා හීනයක කාටවත් නොකියාපු…

This Post Has 2 Comments

  1. Kaveesha

    Super 👌

  2. Sachini

    Superb🔥

Leave a Reply