
Image courtesy: Google
ඇය…
ඔරුවකි නිසොල්මන ඇදුණු
රළ පෙළ හැපී බිඳුණු
මඟ නොදැන තනි වුණු
මහ සයුර මැද අතරමං වුණු
කුණාටුවකින් සුනු විසුණු
ගත වෙළුණු
සිත සලැලුණු
හදින් බැඳුණු ඇය මුලා වුණු
රුවල් ඉරුණු
හබල ගිලිහුණු
නමුදු චන්ඩ මාරැතයටම බැඳුණු
පෙමින් වෙළුණු
හදින් වැළපුණු
ඉන්ද්රකීලයකි නොසැලුණු…
Co- director: Rtr. Mihiravi Gunasekara ( Special Events)