
මා ගැයු ගී වැල්වල
අර්ථය වූයේ ඔබයි…
ඒවා ගැයුවේ ද ඔබටයි…
ගයන හැම ගීයකම සිටියේ ද ඔබයි….
පෙර ඒ ගී ඔබේ සුසුමෙහි දැවටුන මුත්
අද එසේ නොවෙයි…
මන්දයත්…
එදා මට පෙම් කල ඔබ අද දුර ගොසිනි…
නැවත නො එන බව දනිමි…
නමුදු බලා සිටිමි…
මගේ මේ සිහින…
ඔබේ ඇසින් දකින තෙක් බලා සිටිමි….
Rtr. Nethmi Fonseka