කැඩපතක රුව ඇදී තිබුනා
පසෙක නෙක අන් රටා මැවුනා
මුවඟ රුදු බැල්මෙන් වසා
නොසෙල් වී මා දෙස බලා
නාදුනන ඔහු කවුරුදෝ?
නෙතු අතර අඳුරක් දරාලා
රහසකුත් සඟවා තියාලා
හීන් සීරුව නෙතු කොනේ
කඳුළු බිඳුවක් ඉපදුනේ
නාඳුනන ඔහු කවුරුදෝ?
පන්දලම් ලිය මෑත් කරවා
මනස්කාරය දියේ දල්වා
හුරු රුවක් මා දෙස බලා
නාඳුනන යදමින් මුදා
දිස්වෙනා ඔහු මමමදෝ?
කැඩපතකින් එනෙක්ව දකිනවා.ඒ කෙනා අගන්තුකයි.මිට කලින් දැකලා නැති කෙනෙක්.ඒ වගේම(පසෙක නෙක රටා)මේ කෙනා වෙනස් වෙන්නෙ නෑ,එත් එයත් එක්ක ඉන්න අනිත් අය වෙනස් වෙවි යනවා.මූණ වෙස්මූනකින් වහගෙන ඉන්න ඕමනා වෙලා වගේ රුදුරු බැල්මකින් වසා ගෙන ඉන්නෙත්.නොසෙල්වි මා දෙසම බලා ඉන්න මේ නාදුනන කෙනා කවුරුද??

නෙත් දෙකම අදුරු වෙලා.මහන්සියටද??දුකටද???මොකටද??කවුරුත්ම දන්නෙ නෑ.ඒ ඇස් වල රහසක් හංගගෙන ඉන්න බවනම් පේනවා.ඒත් හීන් සීරුවේ මේ රුදුරු බැල්මක් තියාගෙන හිටිය කෙනාගෙ නෙත් අගින් පුංචි කදුලු බිදුවක් උපදිනවා.ඒ කියන්නෙ මේ කෙනා ඇතුලතින් සෞම්‍ය යි.ලෝකෙට නොපෙන්වන සංවේදී කෙනෙක් ඒ ඇතුලෙ ඉන්නවා.මේ නාදුනන කෙනා කවුරුද?
පන්දලම(මැස්ස),ලිය(වැල්).බැදීම් කියන්නෙම මේ වගේ වැල් වලින් පිරිච්ච මැස්සක්.මේ වැල් හිමිට මෑත් කරාම පේනවා (මනස්කාරය)තමන්ගෙම ප්‍රතිබිම්බය.අන් සියලු දේවල් වලින් තමන් ඈත් වෙලා තමන්ව හෙව්වොත් තමන්ට නියම තමන්ව හම්බෙනවා.මෙච්චර වෙලා මේ හැගීම් බෑදීම් පිරිච්ච මැස්ස නිසා තමන්ට තමන් අදුරගන්න බැරුව..තමන්ව අහිමි වෙලා හිටියෙ..”හුරු රුවක් මා දෙස බලා”..ඒ බර අයින් වුනාම හුරු පුරුදු කෙනෙක් පෙන්න ගන්නවා..නාදුනන කියන යදම් බිදලා දැන් තේරෙනවා…මේ මට අහිමි වෙලා සිටි මමද නේද කියලා…
Written by: Rtr.K Kalani Narmada
Co-Director-Sports and Entertainment Avenue
Excellent! Very creative