Post Views: 237
දෙනෝදාහක් යනෙන මගක
එක් පසක වැඩී ඇති
තුරු වියන පාමුල
අහඹුවෙන් ඇතැමෙක්
විඩා නිවූ නවාතැනකි එය
පින්තාරු සිතුවම් රැඳි
එක්වරම නෙත ගැටුණු සිතුවමක,
“බොරලු පාරක ඇවිද යන ඇය
හොවාගෙන ළදරුවෙකු අතකින්
දරා දියපිරි කළය වමතින්
දෑස් ගැඹුරෙහි ගිලී යයි ඈ මනසින්”
වචන බොල් කර
පාට ඔප දා
කතකගේ ලොව නගා තිබූ
සිත්තරාවියක් ඈ ජීවිතය සොයා යන
ඉඳින් මම
මොණර කොළ කීපය
තබා ඇගෙ දෑත මත
පිවිතුරු හදින්
වාරු දුන්නෙමි
අභිමන් ලද කතක් විලසින් නැඟී හිඳිනට….