
අඳුරු වැහි බීරමකකට කොහෙත්ම බෑ හිතේ රටා ඇඳෙන එක නවත්වන්න..
වැස්සකට කලින් හමාගෙන යන හීතල හුළඟකින් , ඇඟ හිරි වැටෙන හීනි වැහි පොදකින්.. තත්පර කටුවක් හඬන “ටික් ටික්” ශබ්දයකින් පුළුවන් නිදි ගත් සිතුවිලි ඇහැරවන්න
ජීවිතය පුරාවට නුඹ,මම සහ අපි අතර තිබුණු හුරු පුරුදු දවස් වෙනුවෙන් මඟ බැලිය යුතුය.ඉඳින් තැවෙන්නට පෙරාතුව නිවෙන්නට හැකි මතකයන් වෙනුවෙන් ප්රේමයෙන් වෙළෙමින් සිනහසිය යුතුය.මතක ගොනු පොදි ගැසිය යුතුය.
Rtr. Jayani Anushika Perera