
මග බලන නෙතු විඩා නොදැනෙන
කවුළු දොර තෙර තනිව හිඳිමින
මද සුළඟෙ රැඳි සියුම් සිහිලෙන
වතෙහි දඟපා රහස් මුමුණන
බිඳුණු සිතුවිලි නැගී කොඳුරන
හදවතක කොණ කීරී ගැහෙමින
අවුළුවා හද මඩල හඬවන
සියුම්වූ මුදු ඉකි බිඳුමකින
කොපුල් යුග දිග රෑරමින් යන
දෙතොල් මත රැඳි පහස සොයමින
වත කමල මුකුලිතව වැළපෙන
කඳුල කිම නුඹ නෙතු සසලමින?
Co- director: Rtr. Mihiravi Gunasekara (Special Events)