
ලිව්වාට නිම් නැති
හිතුවාට වැඩ නැති
උරුමයක දිගහැරුම
කරුම වූ ඉරණම 💔
රිදුම් දෙන හිතක්
විඩාබර නෙතක්
යල්පැනෙනා ගතක
මියෙන හදවතක්
සමනල තටුවකට
ටොනාඩෝ ආවම
දැනෙන ජීවිතේ රස
කා බලන් අතීතය
ගිලිහුනත් ඈ උගෙන්
විසදුමක් නොවෙයි උබ
පළමු පෙම උපන්ගෙයි
වැලපෙමින් තවම ඇත
නොවෙයි උබ සිදුහත්
යශෝදරා ඈ උවත්
නොවේ ඈ යශෝ
උනත් උබ සිදුහත්
තනිකමේ හුස්ම පොද
බිදුණු වීදුරු මැදින්
ගලාගිය රුහිරු දැන්
කැටි බව තේරුම් ගනින්.
Writer: anonymous