
කවි වදන් මුමුණන්න
රස රහස් කොඳුරන්න
නුඹ ඇවිත් අවුලන්න
සිත් හැඟුම් සලලන්න
කියඹු වැල් දඟලන්න
දෙණයන කිති කවන්න
කොපුල් තල සිපගන්න
ගත සළුව ලිහලන්න
යාමයක හිරු ගිලෙන
මා තනිව පියමනින
වෙලා ගත සනසන්න
රිසි ලෙසින් විඳගන්න
පහස මා මත් කරන
නුඹය මුදු සුව යහන
ඉදින් යළි පැමිණෙන්න
දඟකාර මඳ පවන…
Co- director (Special Events): Rtr. Mihiravi Gunasekara