
පියෙකුට දුවක්
දුවකට පියෙක් …
තරම් වූ තිලිණයක්
ලොව අන් කොහේ වෙත්…
සිහිනයක් මෙන් ඔබ
අපෙන් වෙන් වී ගියත්…
පුරමි පාරමි ඔබේ
දියණිය වන්න තව වරක්…
උණු කදුලු රහසේම
නෙත් අගින් ගැලූවත්…
පිය සෙනේ විදිමි මම
හදතුලින් තනියෙන් අදත්…
~Rtr. Kulesha Rashmini