You are currently viewing මාසික යාවත්කාලීන – අප්‍රේල් 2022

මාසික යාවත්කාලීන – අප්‍රේල් 2022

කැලණිය විශ්වවිද්‍යාලයීය රොටරැක්ට් සමාජය විසින් රොටරැක්ට් දිනපොතේ තවත් අපූරු පරිච්ඡේදයක් සාර්ථකව ලියා නිම කරන ලද්දේ ප්‍රජාව වෙනුවෙන් සහ සහෝදර සාමාජිකයින් වෙනුවෙන් බොහෝ ප්‍රයෝජනවත් අන්දමේ විචිත්‍ර අංග කෙරෙහි අවධානය යොමු කරන ලද නව මුලපිරීම් ගණනාවක් සිදු කිරීමත් සමඟිනි. අප්‍රේල් මාසය ඉතාමත් අපූරු අන්දමින් ලිවීමට හැකිවූයේ Club Service Avenue, Professional Development Avenue, International Services Avenue සහ තාක්ෂණික කණ්ඩායම් වන Member Relations Avenue සහ Editorial Avenue මගින් සිදුකෙරුණු විශිෂ්ට ව්‍යාපෘති සහ ඔවුන් ගත් උත්සාහයන් නිසාවෙනි.

Club Service Avenue විසින් අප්‍රේල් මාසයේ දී RACUOK සමාජිකයන් හට අත්පොළසන් නාදය දීමේ ගෞරවය හිමිකරගත්තේ RACUOK වෙනුවෙන් බොහෝ කැපවීමෙන් වැඩ කරන ලද සමාජිකයන් සහ මාසයේ සමාජිකයා, මාසයේ කණ්ඩායම් නායකයා, මාසයේ වඩාත් උද්යෝගිමත් සාමාජිකයන් උදෙසා සහතික පත් 300+ ලබා දීමෙනි. ඉහත සඳහන් අයුරින් කැපවීමෙන් වැඩ කටයුතු කෙරූ ක්‍රියාකාරී සෙසු සාමාජිකයන් හදුනාගැනීමට සහ ඔවුන්ගේ එම කැපී පෙනෙන දස්කම් ඇගයීමට Club Service Avenue තුළම මාර්ගෝපගත ක්‍රමයට සම්මාන උළෙලක්ද පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා සමාජ ඉතිහාසයේ නව පිටුවක් පෙරළූ Professional Development Avenue හි ‘Spectrum’ ව්‍යාපෘතිය අප්‍රේල් මාසයේදී සිදුවූ අතර එම මාසයේ පිටුවලට තවත් වැඩි වටිනාකමක් එක් කරීමට සමත් සාර්ථක පිම්මක් ප්‍රකාශයට පත් කෙරුණේ කණ්ඩායම විසින් නිකුත් පත් කරන ලද පළමු NFT විකිණීම මගිනි. මෙය Spectrum ව්‍යාපෘතියේ කැපී පෙනෙන ඉදිරි ගමනට විශාල පියවරක් විය.

රොටරැක්ට් සමාජය- කොයම්බතූර් සමඟ එක්ව සිදු කරන ලද ‘One Book One Smile’ ද්විත්ව ව්‍යාපෘතිය හේතුවෙන් අප්‍රේල් මාසය International Service Avenue හි තවත් අලංකාර වූ මාසයක් විය.  විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පොත් එකතු කිරීමේ මධ්‍යස්ථාන දෙකක් ස්ථානගත කරමින් සංවිධායක කමිටුව පොත් විශාල ප්‍රමාණයක් එකතු කරන ලදී.  අනතුරුව විද්‍යාලක සිසුන්ගේ දැනුම් කේන්ද්‍රස්ථානයක් වන අංගසම්පූර්ණ පුස්තකාලයක් නිර්මාණය කිරීම සඳහා සම්පූර්ණ පොත් එකතුවම එම කණ්ඩායම විසින් උඩුපිල වීර විජයබා මහා විද්‍යාලය වෙත භාරදීමට කටයුතු කළේය.

Member Relationship Avenue හි  සංකේතවත් ව්‍යාපෘතිය “RotaTomorrow 2.0” අප්‍රේල් මාසයේදී සිදු කරන ලදී. උද්යෝගිමත් කණ්ඩායම් දහයම සක්‍රීයව තමන්ට වෙන් කර ඇති SDG ඉලක්කය වෙත තම උත්සාහය ක්‍රියාත්මක කරමින් සිටි අතර මෙය RotaTomorrow ව්‍යාපෘතියේ විශේෂත්වය විය.   Los Amigos කණ්ඩායම ඔවුන්ගේ ව්‍යාපෘතියේ පළමු අදියර මෙම මාසය තුළ සාර්ථකව අවසන් කළ අතර අනෙකුත් කණ්ඩායම් ද ඔවුන්ගේ ව්‍යාපෘති සැලසුම්වල නිරත වූහ.

Editorial Avenue අප්‍රේල් මාසයේ විශේෂ දිනයන් පිළිබඳව අවධානයට යොමු කළ අතර කර්තෘ මණ්‌ඩලයේ සාමාජිකයන් විසින් ලියන ලද විශ්මිත ලිපි මගින් මෙම විශේෂ දින පිළිබඳ දැනුම වැඩි දියුණු කරන ලදී.  Avenue විසින් අප්‍රේල් මාසයේදී නිර්මාණාත්මක මුල් ලිපි වූ ‘Creative Corner’ හි විශේෂ අංග එකතු කරමින් RACUOK හි සෙසු සාමාජිකයින්ගේ නිර්මාණාත්මක සිතුවිලි පිළිබඳ විශිෂ්ට කියවීමක් සඳහා සාමාජිකයින්ට ඉදිරිපත් කළේය.  සමාජයේ නිල සමාජ මාධ්‍ය පිටු හරහා මෙම සිරස්තල සහිත සබැඳි දැකගත හැකි වේ.

ඒ අනුව කැලණිය විශ්වවිද්‍යාලයීය රොටරැක්ට් සමාජයේ රොටරැක්ටර්වරුන්ගේ මෙම විශ්මිත මුලපිරීම් සමඟින් අප්‍රේල් මාසය වැඩිදියුණු වූ අතර ඇත්ත වශයෙන්ම මෙම සාමාජිකයින්ගේ උත්සාහය සහ කැපවීම වසරේ තවත් සාර්ථක මාසයක් සාක්ෂාත් කර ගැනීමට හේතු විය.

~Written by:- Rtr. Minduli Perera and Rtr. Sewwandi Rexmi | Featured image designed by:- Rtr. Ranula Bhagya~

Leave a Reply