කැලණිය විශ්වවිද්‍යාලයේ රොටරැක්ට් සමාජය මගින් 2021-22 වාරය සදහා විශිෂ්ට ව්‍යාපෘති ගණනාවක් සමග තවත් වැදගත් සංධිස්ථානයන් සනිටුහන් කරන ලදී. විචිත්‍රවත් ක්ෂේත්‍ර මත පදනම්ව ව්‍යාපෘති ගණනාවක සාර්ථක ප්‍රතිඵල සනිටුහන් කරලීම උදෙසා රොටරැක්ට් සමාජය දරන ලද කැපවීම සුළුපටු නොවේ. Community Service Avenue, Club Service Avenue, International Service Avenue හා Professional Development Avenue යටතේ මෙම මාසයට අදාළව ඉමහත් වටිනාකමක් එක් කරමින් අපූර්ව ව්‍යාපෘති ගණනාවක් ආවරණය කරන ලදී.













Community Service Avenue මගින් ඔක්තෝම්බර් මාසයේදී “Hear Me” නම් ව්‍යාපෘතිය සිදු කළ අතර එමගින් මානසික අවපීඩනය, කාංසාව හා මානසික ආතතිය ආශ්‍රිත ආබාධවලට ගොදුරු වූ පුද්ගලයන් සදහා මනස සුවපත් කිරීමේ ක්‍රියාවලියට සහය වීම සදහා වෘත්තීයවේදීන් විසින් විශාදය යන මාතෘකා පිළිබද සාකච්ඡා කිරීමට සැසි මාලාවක් දියත් කරන ලදී. ඇබ්බැහි වීම, පෞරුෂ සංවර්ධනය, පෞරුෂය සම්බන්ධ බාධාවන් හා ස්වයං සංවිධානය සදහා මෙම මාසය තුළ සැසි පහක් පවත්වන ලදී.
Club Service Avenue මගින් රොටරැක්ට් දින දර්ශනයේ වඩාත්ම කැපී පෙනෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් විධායක කමිටුව හා අධ්‍යක්ෂක මණ්ඩලයේ ද සහභාගිත්වයෙන් වඩාත් ම කැපී පෙනෙන වැඩසටහනක් වන 2021-22 රොටරැක්ට් වාරයේ දොළොස් වන ස්ථාපන වැඩසටහන නිල ෆේස්බුක් පිටුව හරහා ප්‍රචාරය විය.
International Service Avenue මගින් කාන්තාවන් දිරිමත් කරලීම උදෙසා “Athena” ව්‍යාපෘතිය දියත් කරලමින් ඔවුන් සිය දෙවන පියවර තබන ලදී.Flyers , Videos හරහා ප්‍රචාරණ කටයුතු සිදු කරමින් ඔවුන් ප්‍රජාව අතරේ සිය ව්‍යාපෘතිය ප්‍රචාරණය කරන ලදී.








Professional Development Avenue මගින් සංවිධානය කරන ලද ද්විත්ව ව්‍යාපෘතින් මගින් පුද්ගලයන්ගේ අනාගත වෘත්තීය ජීවිතය සාර්ථක කිරීම අරමුණු කොට ගෙන ඇත. “Over Come” ව්‍යාපෘතිය ඔස්සේ විවිධ වැදගත් ක්ෂේත්‍ර පිළිබද සාකච්ඡා කරමින් වෘත්තිකයන් විසින් වැඩමුළු හතරක් වෘත්තීය සාර්ථකත්වය සඳහා මෘදු කුසලතා සංවර්ධනය, Email කෙටුම්පත් කිරීම සහ Excel භාවිතය,වෘත්තීය ජීවිතය වැඩිදියුණු කිරීම යන අංශයන් ආවරණය කරමින් පවත්වන ලදී.
















දෙවන ව්‍යාපෘතිය ලෙස ” View Me” නම් ව්‍යාපෘතිය මගින් උපාධි අපේක්ෂකයන් සදහා සම්මුඛ පරීක්ෂණ අත්දැකීමක් ලබා දීමට වැඩසටහනක් දියත් කරන ලදී. Professional Development Avenue මගින් “Get in LinkedIn” ඔස්සේ ආයතනික අංශය තුළ පෞද්ගලික සන්නාමයන් ගොඩ නගා ගැනීම සදහා වෘත්තීය LinkedIn ගිණුමක් නිර්මාණය කර පවත්වාගෙන යන ආකාරය පිළිබදව පුද්ගලයන් දැනුවත් කිරීම උදෙසා Rotaract Club of Colombo North හා එක්ව ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
කැලණිය විශ්වවිද්‍යාලයීය රොටරැක්ට් සමාජයේ IT Team විසින් විශ්වවිද්‍යාලීය රොටරැක්ට් සමාජයේ නිල බ්ලොග් අඩවිය සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කරන ලද අතර avenue සඳහා වෙන් වෙන් වූ අංගයන් මෙන්ම RACUOK and I යන අංගයද ඇතුළත් කර Blog පිටුව සඳහා නව ආරකින් වෙනස්ම මුහුණුවරක් එක් කරන ලදී.
Editorial Team විසින්ද බොහෝ මුල පිරීම් සමගින් ඔක්තෝම්බර් මාසයට පා තබන ලද අතර RACUOK and I අංගය හරහා අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබඳ රසවත් තොරතුරු එක් කරමින් Digital Media Team හා IT Team හි සහය ද ඇතිව ක්‍රමානුකූලව යාවත්කාලීන කිරීම් සිදු කරන ලදී.
Club Relations Team විසින් දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ රොටරැක්ට් සමාජ කිහිපයක් හා එක්ව සිදුකරමින් සිටින “Together Sri Lanka” නම් වූ මෙම ව්‍යාපෘතියේ එක් අංගයක් ලෙස ඔවුන් මීගමු කලපුවේ TSL (Together Sri Lanka) නමින් සංචාරයක නිරත වූ අතර එමගින් ඔවුන්ට පැවරී තිබුණා වූ කාර්‍යයන් නිසි පරිදි සිදු කිරීමට සමත් විය.
Public Relations Team මඟින් නව පියවරක් ඉදිරියට තබමින් Tik Tok හඳුන්වාදීම මඟින් රොටරැක්ට් සාමාජිකයින්ට නවමු අත්දැකීමක් එක් කිරීමට සමර්ථ විය.විධායක මණ්ඩලය මෙන්ම අධ්‍යක්ෂක මණ්ඩලය හඳුන්වාදෙමින් මෙහි පළමු Video ද්විත්වය නිකුත් වූ අතර එය පහත සබැඳිය හරහා නැරඹීමට හැකිය.
Digital Media team ස්වකීය විශ්මිත නිර්මාණශීලී හැකියාවන් තුළින් ඔක්තෝබර් මාසය දීප්තිමත් මාසයක් බවට පත් කිරීමට දරන ලද වෑයම සුළුපටු නොවේ. Birthday Flyers, Special Day Flyers හා Member of the month වැනි Flyers Flyers මෙන්ම සියලූම Flyers සහ Videos පරීක්ෂාවට ලක්කරමින් පොදු සමාජය අතර ඒවා ප්‍රචාරණය කිරීමට ඉඩකඩ සලස්වා දෙන ලදී.
Member Relations team විසින් මාසය තුළ සාමාජිකයන් බදවා ගැනීම් පිළිබද නිල වාර්තා කටයුතු අවසන් කරන ලද අතර ඔවුන් “Avoid Delta” ව්‍යාපෘතියේ තෙවන අදියර සදහා පරිත්‍යාග එකතු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලදී.
කැලණිය විශ්වවිද්‍යාලයීය රොටරැක්ට් සමාජයේ ඔක්තෝම්බර් මාසය සදහා මාසික මහා සභා රැස්වීම 2021.10.29 දින පවත්වන ලදී. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් රැස්වීම අතරතුරේ දී සමාජිකයන් සමග සිදුකෙරෙමින් පවතින ක්‍රියාවලී හා පණිවුඩ පිළිබද සිය අදහස් හුවමාරු කරගන්නා ලදී. වඩාත් අපේක්ෂා සහිතව රැස්වීම අවසන් වූයේ Directors of the Month, Members of the Month, Most Enthusiastic Members of the Month නම් කරමින් නොවැම්බර් මාසය සදහා නවමු මාවතක්ද හෙළි කරමිනි.රොටරැක්ට් දිනපොතේ තවත් එක් පරිච්ඡේදයක් මෙසේ නිමාවට පත්වූ වගයි.












~ Written by : Rtr.Venuri Bandara & Rtr.Vishwanee Alahakoon ~