You are currently viewing මාසික යාවත්කාලීන කිරීම – සැප්තැම්බර් 2021

මාසික යාවත්කාලීන කිරීම – සැප්තැම්බර් 2021

2021-22 වර්ෂයෙහි සැප්තැම්බර් මාසය උදාවූයේ Club Service avenue, Community Service avenue, International Service avenue, Sports and Entertainment avenue, Public Relations team හා Member Relations team ආවරණය කරමින් නවමු අදහස්, විශිෂ්ට ව්‍යාපෘති ලෙසින් ක්‍රියාවට නැංවෙමිනි.

විශාදය,මානසික ආතතිය හා මානසික ගැටලුවලින් පෙලෙන සිත්වලට සහනයක් ලබා දීමේ අරමුණින්, Community Service Avenue හි Hearme’ ව්‍යාපෘතිය, ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දායකත්වයෙන් යුතු ව පැවැත්වීම සඳහා ප්‍රථම පියවර තබන ලදී. එසේ ම,වැඩිදුර උපකාර අවශ්‍ය පුද්ගලයන් අදාළ ප්‍රතිකාර සඳහා යොමු කරවීම ද මෙහි දී ක්‍රියාත්මක වුණි. අපගේ විඩාබර හා ඒකාකාරී සරසවි දිවියට කෙටි විරාමයක් ළඟා කරමින්, සැප්තැම්බර් 17 වන දින Club Service Avenue, සුවදායි සංගීතය මුසු වූ මනරම් ගායනා ඇතුළත් ‘Rota සොඳුරු සාජ්ජේ’ වැඩසටහන පැවැත්වූ අතර, International Service Avenue ‘ඇතීනා’ මැයෙන් කාන්තා සවිබලගැන්වීම පදනම් කොට ගත් සඟරාව, 200කට අධික  ලිපි ප්‍රමාණයක් සමඟින්, නිර්මාණ බාරගන්නා අවසාන අදියර කරා සාර්ථක ව ළඟා විය. එමෙන් ම, RAUCOK, ලොව පුරා රොටරැක්ට් සමාජ කිහිපයක් සමඟ එක් වී,’Nightscape’ වැඩසටහන සමඟ ද සම්බන්ධ වුණි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් වන කුමාර් ධර්මසේන සහ රංගන හේරත් යන මහත්වරුන්ගේ අති විශිෂ්ට ක්‍රීඩා දිවිය සිහිපත් කරමින්, Sports and Entertainment avenue විසින් සිය නවතම සැසි මාලාව වන ‘Middle Stump’ දියත් කළ අතර එය සැසි දෙකකින් සමන්විත විය.  සැප්තැම්බර් 16 සහ 27 දිනවලදී මාර්ගගත ක්‍රමයට පැවැත්වූ මෙම සැසි ද්විත්වය, සැබෑ වශයෙන්ම ක්‍රිකට් ලෝලීන්ට නම් සංග්‍රහයක් ම විය. එසේම, Public Relations team විසින් අපගේ රොටරැක්ට් සමාජය සඳහා ‘Tiktok’ වේදිකාව හඳුන්වා  දුන් අතර එහි සිදු කළ පළමු ටික්ටොක් වීඩියෝ ද්විත්වය තුළින් අප සමාජයේ  ආදරණීය අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන්ගේ  පෙර හඳුනා නොගත් උද්‍යෝගිමත් හා  විනෝදාත්මක පැතිකඩවල් හෙළිදරව්  කිරීමට සමත් විය. මේ අතර Member Relations Team විසින් සැප්තැම්බර් මාසය පුරාවටම ඔවුන්⁣ගේ නව ව්‍යාපෘතිය  වන ‘AvoiDelta’ සෙල්ෆි ඡායාරූප තරඟය සමඟ කටයුතු කරන ලදි. උත්කර්ෂවත් සංගීත රාත්‍රියක් සමඟ සාර්ථකව අවසන් කරන ලද මෙම ව්‍යාපෘතියේ ප්‍රථම අර්ධය පුරාවට ම සෙසු සාමාජිකයන්ගේ ද උද්යෝගිමත් සහභාගිත්වය ඉතාමත් පැහැදිලිව දක්නට ලැබුණි.

කැලණිය විශ්වවිද්‍යාලයීය රොටරැක්ට් සමාජයේ සැප්තැම්බර් මස සඳහා වන මාසික සභා රැස්වීම 29.09.2021 වන දින පැවැත්විණි. අධ්‍යක්ෂ මණ්ඩලය එම මාසයේ කැපී පෙනුණු අවස්ථා නැවත සිහිපත් කළ අතර, තවත් වැදගත් පණිවුඩ ගණනාවක් රොටරැක්ට් සමාජයේ සෙසු සාමාජිකයන් වෙත දැනුම් දුන්නේය. සියලු දෙනා මහත් උනන්දුවෙන් බලා සිටි මොහොත සමගින් රැස්වීම අවසන් විය. එම මොහොත අන් කිසිවක් නොව, කැපී පෙනෙන සමාජිකයන් නිවේදනය කිරීමේ මොහොතයි. මෙහිදී, පසුගිය අගෝස්තු මාසයේදී කැපී පෙනෙන අයුරින් රොටරැක්ට් සමාජයට දායකත්වය ලබා දුන් අධ්‍යක්ෂකවරුන් සහ සාමාජිකයන් ප්‍රකාශයට පත් කළ අතර, එම සාමාජිකයන් පහත පරිදි වේ.

මෙම සියලු පිළිගැනීම් හා සතුටුදායක අවස්ථාවන්ට අමතර ව, තවත් සුවිශේෂී පිළිගැනීමකට පාත්‍ර වීමට RACUOK වෙත හැකිවිය. ඒ අනුව, අප රොටරැක්ට් සමාජයේ සභාපති Rtr. කිසල් ඒකනායක, 2021-සැප්තැම්බර් මාසයෙහි සභාපති ලෙස පිදුම් ලැබුවේ ය.

මෙලෙසින් 2021-22 වර්ෂයෙහි ප්‍රථම කාර්තුවෙහි අවසානය කරා ළඟා වෙමින්, තවත් නව මාසයක් තුළ මෙවන් නවමු ව්‍යාපෘති දිගින් දිගටම සිදු කිරීමේ බලාපොරොත්තුවෙන් යුතුව, සතුටුදායක ලෙසින් සැප්තැම්බර් මාසයේ නිමාව සනිටුහන් විය.

~Translated by; Senior Editor Rtr. Yashodya Bandaranayake, Rtr. Sachini Somarathna, Rtr. Bhagya Kulathilaka, Rtr. Minduli Perera~

Leave a Reply