You are currently viewing මාසික යාවත්කාලීන කිරීම – ජනවාරි 2022

මාසික යාවත්කාලීන කිරීම – ජනවාරි 2022

2022 වර්ෂය ආරම්භ වූයේ සුවිශේෂි ව්‍යාපෘතින් රාශියක් රෝටරැක්ට් දින දර්ශනයට එක් කළ ජනවාරි මාසයෙනි.Community Service Avenue, Sport and Entertainment Avenue  මෙන්ම Technical Team,,Editorial Team,Public Relation Team , Digital Media Teams, Finance Teams සහ Member Relation  විසින් විශිෂ්ට ව්‍යාපෘතින් ගණනාවක් මෙම මාසය තුළදි දියත් කරන ලදී.

ජනවාරි මාසයේදි Community Service Avenue  විසින් ශ්‍රී ලංකාව හා මාලදිවයින ඒකාබද්ධ  රොටරි ඉන්ටර්නැෂනල් දිස්ත්‍රික්ක 220 විසින් ආරම්භ කරන ලද  ” Stop the Spread – Beyond COVID 19″ නම් ව්‍යාපෘතිය සිදු කරන ලදී.මෙම ව්‍යාපෘතිය යටතේ උප ව්‍යාපෘතියක් ලෙස  ” Little Hands ” ව්‍යාපෘතිය ජනවාරි මස 18 වන දින මොරටුව කටුකුරුන්ද ශාන්ත මරියා විදුහලේ දී පවත්වන ලදී. එහිදී  ඉහළම පැමිණීමක් සහිත සිසුන්ට ත්‍යාග පිරිනමන ලදී.

රොටරැක්ට් සමාජයේ රොටරැක්ට්වරුන් සම්බන්ධ කරගනිමින්  ” Down the Wicket” නම් ව්‍යාපෘතියක් සංවිධානය කරන ලදී.මෙම ව්‍යාපෘතියේ ප්‍රචාරණ කටයුතු හරහා ක්‍රිකට් ලෝලීන්ට පමණක් නොව සියලු දෙන තුළ උද්යෝගීමත් හැගීම් උද්දීපනය කරන ලදී.ව්‍යාපෘතියේ සංවිධායක මණ්ඩලය විසින් ඔවුන්ගේ නිළ T-Shirt එළි දැක්වූ අතර ඔවුන් මේ හරහා සියලුම සමාජිකයන් අතර සහජීවනය ඇති කරවන  ලදී.Editorial Team විසින් ජනවාරි මාසයට අදාළ විශේෂිත දිනයන්හි වැදගත්කම පෙන්වා දීම  උදෙසා විශේෂ දින සදහා ලිපි පළ කරන ලදි.

 සාමාජිකයන් අතර සහයෝගය ඇතිකරලීම සදහා මෙම වසරේ දෙවන වරටත්  සිදුකරනු ලබන විශාලතම ව්‍යාපෘතිය  “Rota Tomorrow “ලෙස හදුනා ගත හැකි වේ. එහි ප්‍රචාරණ කටයුතු ජනවාරි මාසය තුලදී සිදු කරනු ලැබී ය.එමගින් සමාජිකයන් තුළ කුතුහලය උද්දීපනය ඇති කරවනු ලැබී ය.

Digital Media Team විසින් ජනවාරි මාසය සදහා Directors of the month, Avenues of the month, Members of the month, Team leaders of the month හා Most enthusiactic member of the month තෝරා පත් කරගන්නා ලදී.

Finance Team විසින්  “Investor 22” ව්‍යාපෘතිය සංවිධානය කරන ලදී.Investor යනු කොළඹ කොටස් වෙළද පොළෙහි කොටස් හුවමාරුව සදහා සහභාගිවන්නන් වැඩිදියුණු කරලීම සදහා පවත්වන ලද ඔන්ලයින් වැඩමුළු මාලාවකි.මූලික විශ්ලේෂණ කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් එහි පළමු වැඩමුළුව, PNJ Constants Private Limited හි කළමනාකරු අධ්‍යක්ෂක විනෝද් පයාගල මහතා අතින් සිදු කරන ලදී.ධනාත්මක ප්‍රතිඵල ලබාදෙමින් එය සාර්ථකව අවසන් කරන ලදී.

ජනවාරි මාසය අවසන් වූද එම මාසය පුරාවටම රොටරැක්ට් සමාජය තුළ කැපි පෙනෙන ව්‍යාපෘති රාශියක් සිදු කර ඇති අතර නව සැලසුම් රාශියක් සැලසුම් කරන ලද මාසයක් විය.

~ Written By : Rtr. Venuri Bandara ~

Leave a Reply