You are currently viewing මාසික යාවත්කාලීන කිරීම – පෙබරවාරි 2022

මාසික යාවත්කාලීන කිරීම – පෙබරවාරි 2022

2022 Rotaract චාරිකාවේ තවත් එක් පරිච්ඡේදයකට මුල පුරමින් International Service Avenue , Professional Development Avenue සහ Sport and Entertainment Avenue ද තාක්ෂණික කණ්ඩායම් වන Digital Media Team, finance Team මෙන්ම Member Relations Team ද ඔවුන් විසින් සංවිධානය කරන ලද ව්‍යාපෘති මෙන්ම විශේෂාංග තුලින් මෙම මස වර්ණවත් කරන ලදී.

International Service Avenue  හා Coimbatore Spectrum රොටරැක්ට් සමාජය එක්ව සංවිධානය කරන්නාවූ ‘One Book One Smile’ ව්‍යාපෘතියේ සැලසුම් කිරීමේ ක්‍රියාවලිය පෙබරවාරි මාසය තුළ ද අපට දැකගත හැකි විය.

දිනෙන් දින ලොව තුල සිදුවන තාක්ෂණික නව සොයාගැනීම් සමග තවත් පියවරක් ඉදිරියට තබමින් Professional Development Avenue විසින් ‘Spectrum’ නම් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද අතර ව්‍යාපෘතිය අවසානයේ NFT එකතුවක් නිර්මාණය කොට අප්‍රේල් දෙවැනි දා සිදු වීමට නියමිත Rotaract දිස්ත්‍රික්ක සමුළුවේදී එළි දැක්වීමට අදහස් කරයි.එමතු නොව මෙම NFT හා Crypto Currency පිළිබඳව සමාජ දැනුවත්භාවය ඇති කරලීම උදෙසා එකොළොස් වැනි දින zoom තාක්ෂණය ඔස්සේ DRM සමග සාකච්ඡාවක් ද පැවැත්වුණි.

රොටරැක්ට් සාමාජිකයන් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටි ‘Down the Wicket ‘ වසරේ ක්‍රිකට් ක්‍රීඩා සැණකෙළිය පස්වැනි දින කැලණිය, පොල්හේන ක්‍රීඩාංගනයේදී පැවැත්වූයේ ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් තුළ උද්දාමයට පත් කරමින් පමණක් නොව රොටරැක්ට් සාමාජිකයින්ට හමුවී කතාබහ කිරීමට මහඟු තෝතැන්නක් විවර කරමිනි. 

Editorial Team මෙම මාසය පුරාවටම පැවති විශේෂ දිනයන් උදෙසා ලිපි පළ කිරීම සිදුකරන ලද අතර Public Relations Team තවත් විශේෂ සන්ධිස්ථාන කිහිපයකටම ළඟාවීමට සමර්ථ විය.කැළණිය විශ්වවිද්‍යාලයීය රොටරැක්ට් සමාජය නිල Twitter ගිණුමක් ආරම්භ කිරීම සිදු වූ අතර නිල ෆේස්බුක් පිටුවෙහි අනුගාමිකයින් ගණන 10 000 ඉක්මවා යාමට හැකි වූ බව ඉතා සතුටින් දැනුම් දිය හැකි වේ.එපමණකින් නොනැවතී TikTok පිටුවටද නව විනෝදය පිරි අංගයන් එක් කරමින් රොටරැක්ට් සාමාජිකයින්ගේ අනන්‍යතාවය විදහා ලීමට ඔවුන් සමත් විය.

සුපුරුදු පරිදි මෙම මස තුළත් Digital Media Team විසින් සියලුම Birthday flyers, Special day Flyers,directors of the month, members of the month,team leaders of the month, most enthusiastic members of the month වැනි flyers ද videos ද අධික්ෂණය කිරීම සිදුවිය.Financial Team විසින් නිල TShirt එළිදක්වන ලද අතර එය මිලදී ගන්නා සාමාජිකයින් ලියාපදිංචි කිරීම ආරම්භ කරන ලදී.

Rota Tomorrow 2.0 යනු Member Relations Team විසින් සිදු කරනු ලබන අති දැවැන්ත ව්‍යාපෘතියක් වන අතර මෙතුළින් සාමාජිකයන් අතර සහජීවනය වැඩි දියුණු කරලීමට අපේක්ෂා කරයි. සියලුම සාමාජිකයින් කණ්ඩායම් දහයකට බෙදා ව්‍යාපෘති දහයක් විවිධ මාතෘකා ඔස්සේ දියත් කර ලද අතර Rota Tomorrow 2.0 හි තවත් වැදගත් පරිච්ඡේදයන් රැසක් දෙමස තුළ සිදුවීමට නියමිත ය.

Career Fair 2022 යනු කැළණිය විශ්වවිද්‍යාලයීය  වෘත්තිය මාර්ගෝපදේශන අංශය විසින් සංවිධානය කරන්නා වූ තවත් විශිෂ්ට වූ ව්‍යාපෘතියකි. මෙහි සුවිශේෂීභාවය නම් විශ්වවිද්‍යාලයේ Leo, Rotaract , LED KLN , AIESEC Gavel යන සංවිධානයන් එක්හාසුවෙන් විද්‍යාර්ථීන්ට ස්වකීය වෘත්තිය ජීවිතයට අවැසි මාර්ගෝපදේශනය මෙන්ම රැකියාවන් සොයා යන්නන්ට ඉතා පහසුවෙන් රැකියා තනා දෙන්නා වු වේදිකාවක් වීමයි.එමෙන්ම ඔවුන්ගේ අනාගත වෘත්තිය අභිවෘද්ධිය තකා සම්මුඛ පරීක්ෂණයක අත්දැකීම ලබා දීමේ අවස්ථාව ද career fair තුළින් උදා කර දෙන ලදී.

පෙබරවාරි මස මාසික මහා සභා රැස්වීම 26 වන දින පස්වරු හතට පමණ Zoom තාක්ෂණය ඔස්සේ පැවතියේ නවමු විනෝදාත්මක මෙන්ම තත්කාලීන සමාජය තුළ නිතරම කතාබහට ලක්වන තේමාවක් වූ ‘ලයිට් ආවා – අයෙ ගියා’ නිරූපණය කරමින් වීම විශේෂත්වයකි.

මේ අනුව දින දර්ශනය පෙබරවාරි මාසය නොමැකෙන මතක සටහන් මෙන් ව්‍යාපෘතීන් රාශියක් ද අති සාර්ථකව අවසන් කර නිමාවට පත්වූයේ තවත් පිටුවකට මුල පුරමිනි.

~ Written By : Rtr. Vishwanee Alahakoon ~

Leave a Reply