You are currently viewing වැව් තෙරක හිඳ

වැව් තෙරක හිඳ

තාල ඇමිණූ සුළං පොදි සිපගත් 

රත් පැහැය තැවරූ නිරන්තරයේ නැගෙනා

දිය රැල්ල

හවස් යාමය එළි බහින වග සැල කරාවී ….

අදත් වරුවක් ඔරු කඳෙහි හිඳ 

නැගී විසිරෙන දිය රැල්ලක 

හුරුපුරුදු හැඩයන් දැක

ගෙවුණු දවසක මතකයට මුසු කරාවී ….

.

අහස් කුස පිලිසිඳ ගත් 

හවස් යාමය තරුණ වුව 

ඔරු කඳෙහි කොණක හිඳ

ජීවිතය දෙස බලන තොටියෙක් වු මා  

වියපත් ව මිය යාවි ….

හිතවත,

අනියත ලොව එක ම නියතිය නම්

අනියත බව  දිනෙක වැටහේවි ….

Leave a Reply