
වප් පොහෝ සද කැළණි වෙහෙරට..
එදා වාගෙම වටීදෝ..
එගොඩ කැළණියෙ මෙගොඩ පිදුමට..
ඕලු මානෙල් පිපීදෝ..
දෑත් පටලන් හෙලූ සුසුමින්..
කැළණි බෝ පත් සැලීදෝ..
ඉල් පොහෝ සද කැළණි අහසට..
පායනා සැටි බලන්නම්..
දෑත පටලන් කැළණි වැදුමට..
සුසුම් එකිනෙක ගනින්නම්..
හඩන අහසට රුකුල් දීමට..
වැලපෙනා හද පුදන්නම්..
සබර අහසට උරුම සද වත..
වඩිනතුරු මම හිදින්නම්..
Treasurer: Rtr. Lakmal Perera