වර්තමානයේ රටෙහි බහුතරයක් තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍ය කෙරෙහි නැඹුරු වීම සිදු වී ඇත . මත්ද්‍රව්‍ය සූක්ෂම ක්‍රමවේද ඔස්සේ විවිධ වර්ගීකරණයන් ගෙන් ව්‍යාප්ත වී ඇත . මත්ද්‍රව්‍ය කෙරෙහි ඇබ්බැහි වූවන් හට තමාව පාලනයෙන් තොර ස්වභාවයක් ගනු ලබයි .කෙසේ හෝ සිය අරමුණ වනුයේ නැවත මත්ද්‍රව්‍ය ලබා ගන්නේ ලබාගන්නේ කෙසේද යන වග ය .තාවකාලික සතුටක් උදෙසා මත්ද්‍රව්‍ය පසුපස හඹා යන තරුණ ප්‍රජාව තුළ ඉන් මිදීමට අවැසි මානසිකත්වය තිබුනද ඉන් අත්මිදීමේ ශක්‍යතාවය ඔවුන් තුළ නොමැත . මත්ද්‍රව්‍ය කෙරෙහි ඇබ්බැහි වූවන් ගෙන් වැඩි ප්‍රතිශතයක් දුර්වල පෞරුෂයන් ගෙන් අනූන බව අනාවරණය වී ඇත .

එක්සත් ජාතීන්ගේ සංවිධානය මත් ද්‍රව්‍ය අංශය,ඇමරිකානු මනෝ විද්‍යා සංගමය යන දෙපාර්ශවයේ එකතුව තුළින් වසර ගණනාවක පර්යේෂණ හා මනෝ විද්‍යාඥයින් විසින් පර්යේෂණ දියත් කරමින් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් හට සාක්ෂි මත පදනම් වූ ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දී ඇත. නමුත් වර්තමානය වන විට මත්ද්‍රව්‍ය වැටලීම්, මත්ද්‍රව්‍ය උවදුරට තරුණ ප්‍රජාව ගේ නැඹුරුව යනාදී කාරණා කෙරෙහි විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය මෙන්ම විවිධ දේශපාලන පැතිකඩවල් තුළින් ප්‍රචාරණය කළ ද, මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ නිසි වැඩපිළිවෙළක් දක්නට නොලැබේ. ලාංකීය සමාජය තුල මත්ද්‍රව්‍ය තුරන් කිරීමට මෙතෙක් ගෙන යනු ලබන ක්‍රියාමාර්ගයන් කෙරෙහි පුළුල් අවධානයක් යොමු කළ යුතුය. එහිදී අන්තර් ජාතික ඖෂධ පාලක මණ්ඩලය, අන්තර්ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය යන දෙඅංශය වෙත සම්පත් පුළුල් කිරීම, අත්දැකීම් බහුල කාර්යමණ්ඩලයක් එක් කිරීම, කාර්යමණ්ඩල පුහුණුව ලබාදීම යනාදී කාරණා කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

මත්ද්‍රව්‍ය නිවාරණය උදෙසා සමාජයීය වශයෙන් ද වඩාත් වැදගත් කාර්යභාරයක් හිමිවේ . පාසල්, ආගමික සිද්ධස්ථාන මෙන්ම ප්‍රාදේශීය මට්ටමින් මත්ද්‍රව්‍ය තුළින් තරුණ ප්‍රජාව ගලවාගැනීම උදෙසා සක්‍රීය දායකත්වයක් ලබාදීම සිදුකළ හැකිය . ඒ අනුව මත්ද්‍රව්‍යන්හි බලපෑම පාසල් අධ්‍යාපනය තුළින් ලබාදීම, මත්ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කිරීම හා නිසි බලධාරීන් දැනුවත් කිරීම සම්බන්ධව පාසල් සිසුන් තුළ අවබෝධය ලබාදීම, මත්ද්‍රව්‍ය භාවිතයේ අනිටු ප්‍රතිවිපාක පිළිබඳ ආගමික වශයෙන් ප්‍රජාව අවබෝධ කර ලීමත් , කුටුම්භයක් වශයෙන් පවුල තුළ එකිනෙකා අතර යහපත් සන්නිවේදනයක් පවත්වා ගෙන යාමත්, පෞරුෂ සංවර්ධනයට අවධානය යොමු කිරීමත් සිදු කළ හැකිය . සමාජයීය වශයෙන් මත්ද්‍රව්‍ය කෙරෙහි නැඹුරු වන්නන් ගේ අසාමාන්‍ය චර්යා කෙරෙහි අවධානය යොමු කරමින් පූර්ව නිගමන හා ඒ සඳහා සුදුසු ක්‍රියා මාර්ගයන්ට යොමු වීමත් ප්‍රජාවක් වශයෙන් සිදුකළ හැකිය. කෙසේ නමුත් මත්ද්‍රව්‍ය උවදුරින් මිදීමට වෙර දරන මෙන්ම පුනරුත්ථාපනය වූවන් හට සමාජ හුදකලා බවකින් තොරව දයාවේ දෑත දිගු කිරීම අප සැවොමගේ වගකීම වන්නෙමු.

~Written by Rtr. Asha Rupasinghe, Team A: Rota Tomorrow
Project- ALERT
👍💜
Well said..🙌
Nice work. Keep it going 🖤
👏👌
Well said !
🥰🥰❤️
👍👏
♥️♥️👍👍
👍❤️❤️
සහතික ඇත්ත 😘 👍❤️
කාලීනව අගනා සටහනකි!
ඇබ්බැහි බව, තනි පුද්ගල පෞරුෂමය ගැටලුවකින් ඔබ්බට සමාජ ව්‍යූහයෙන් වූ පීඩනය නිසාද වන්නේය. ඔබ කියූ ලෙසට, සැපයුම් පාලනයට සාපේක්ෂව ඉල්ලුම් නැති කිරීම ලාංකීය සන්දර්භයට වඩාත් ප්‍රායෝගික වන බව සිතමි. මන්ද සැපයුම් හස්තයන් දැඩි දේශපාලනීකරණයක් පෙන්වන බැවිනි.
good job❤
Keep it up💪
Very important 💪
Good job👍
👍👍👍👍
Best 👍
👍👏
👏👍
👌👌👏
Well said ❤️❤️❤️
එලම😍
It’s Perfect ❤️❤️✨
👍👍👍👍👍
Well said
👏👏
It’s perfect
👍👍👍👍👍👍👍👍👍
Well Said…
Keep going on
Very nice