හුදෙකලාවත් කලාවක්

ඇත්තමයි ,
හති වැටුණ ජිවිතවලට,
ආදරේ බිංදුවක් විඳින්නටවත් ඉඩක් නැති ලෝකෙක,
අනේ අපිටත් නවතින්නට වුණා නේද ?
ලොකෙම නවතින්න හිතපු නැති මොහොතක
දැනෙනවද අපුරුව ආදරේ සෙනෙහස විඳිනකොට
ලඟ ඉඳන් නෙවෙයි හම්බෙන්න බැරි දුරක ඉඳ
අවසරද ජිවිත වල අර්ථයක් නොදැන හති වැටී වැටී දුවන
ඔබ මම අපි වගේම මිනිස්සුගේ හිතට පොඩ්ඩක් තට්ටු කරලා
කතා කරන්න ,
මේ දැනෙන විරාමය මේ විඳින විරාමය
සුන්දරයි මටනම් ඇත්තමයි නොකිව්වාට මහමෙරක තරමටම
උදේ යන හවස එන නවාතැන් පොළක් මිස
ගෙයක් උනාද සතුට සමගිය පිරී ඉතිරෙන ?
දැන් අපි ,
“ගේ අස්සෙම හිර වෙලා” එපා වෙලා කිය කිය කෑමොර දුන්නට
හිත කියන්නෙ මොකද්ද කියලා
හෙමින් සැරෙ ඔයාලත් අහලා බැලුවද ?
“අනේ අම්මො ගෙදර ඉන්න හම්බුණේම කාලෙකින් නිදහස භුක්ති විඳින්නට”
මේ අස්සෙ
කවිකාරයන් බිහි වෙවි
කවිකාරියන් බිහි වේවී
හුදෙකලාවට පෙම් බඳින සියදහසක් දෙනා හමුවේවී
ගැන සිතන්නටවත් වෙහෙස නොවී අමතක කරපු මිනිස්සුන්ගෙ මතකයන් මතක් වෙනකොට
හිත අගින් සිනහවක් තනියෙන්ම විඳගනීවි
හුදෙකලාවි මග හැරුණු තැන් වලට
පසුතැවුනු තැන් වලට
නැවත නැවතත් අර්ථයක් දෙන්නටම වෙහෙස වේවී
කරන්න දෙයක් නැතුවම කාමරේ ඇඳ උඩ ඉඳන්
දාහක් නොගියපු තැන් වල
හිතින් ගිහින් ආයෙත් ඒවී
ඉතින් මම කියන්නෙම
හුදෙකලාවත් කලාවක්
අපි කවුරුත් රහසෙම පෙම් කරන .
❤️

Rtr.Shelini Jayawardena

Leave a Reply