
“මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ”
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ… තෙල් ඉහිරුණු කැවුම් කන්න අපි හැමෝම හරි ම ආසවෙන් ඉන්නේ බක් මාසේ එනකම්, මොකද ලක්වාසී අපි හැමෝට ම විශේෂ, අපි හැමෝම හරි ම ආස කාලේ තමයි අවුරුදු කාලේ. ඉතිං හැම අවුරුද්දෙ ම වගේ මේ අවුරුද්දෙත් ඒ සොඳුරු අත්දැකීම විඳගන්න බලාගෙන හිටියත් මුළු ලෝකෙ ම වගේ ම පුංචි අපේ රටටත් covid 19 වසංගතේ ගොදුරක් වුණු නිසා ම අපේ ම හොඳට අපි හැමෝට ම ගෙදරට සීමාවෙන්න සිද්ධ වුණා. අපි ගෙදරට ම වෙලා අවුරුද්ද සමරන්න හිතුවත් , වෙනදා වගේ ම අවුරුදු ක්‍රීඩා කරන්න , යාළුවොත් එක්ක සතුටු වෙන්න අවස්ථාවක් දෙන්න Rotaract සමාජය දෙපාරක් හිතුවේ නෑ. ඇත්තට ම ඒක අපි හැමෝම බලන් හිටපු අපේ අවුරුදු උත්සවේ, වෙනදා වගේ ම නො වුණත් වෙනදටත් වඩා අලුත් විදියකට අපිට ඒ අත්දැකීම ලැබුණේ අපේ සංවිධායක මණ්ඩලයේ සමාජිකයන්ගේ කැපවීම නිසාමයි. #Rota අපේ Online අවුරුද්ද 2020# කවදාවත් නො හිතපු අලුත් අත්දැකීමක් , වගේ ම විනෝදයක් අපි හැමෝට ම ලැබුණේ, Rota අපේ Online අවුරුදු උත්සවේ තිබ්බ විශේෂත්වය නිසාමයි. අපි හැමෝට ම එකට එකතුවෙලා සමරන්න බැරිවුණත් ඒ අත්දැකීම අලුත් විදියකට අපිට ලබාගන්න පුළුවන් අවුරුදු උත්සවේ තරග වගේ ම ලැබුණු තෑගිවල ද වෙනසක් තිබුණ නිසයි. --හැංගිලා හිටපු අපේ සැඟවුණු අමුත්තව කොහොම හරි හොයාගත්තේ,




මානව ශාස්ත්‍ර පීඨයේ – මිශාරී ගුණරත්න සොයුරිය විසින් --වසන්ත කාලේ මල් කොහොම පිපුණත් සැඟවුණු මල හොයාගත්තේ
සමාජ විද්‍යා පීඨයේ – සමිත් යසිත් ලංකා සොයුරා විසින් --ඩිජිටල් තිරයේ දිස්වූ පැපොල් ගෙඩියේ ඇට ගාණ හරියට ම කිව්වේ,
කලමනාකරණ පීඨයේ – හශිනි නිසංසලා සොයුරිය විසින් --ඇස් ඇරගෙන කණාමුට්ටිය බින්ඳේ
කලමනාකාරණ පීඨයේ – වත්සලා හර්ෂණී සොයුරිය විසින් --සතුටු ම දවසක හොඳට ම ඇඬුවේ
කලමනාකරණ පීඨයේ- ඉශාන් උදයංග සොයුරා විසින්
–හැමදාම හිනාවුණත් එදා හොඳට ම හිනාවුණේ,
සමාජ විද්‍යා පීඨයේ – සුදේශ් අබේනායක සොයුරා විසින් හැම අවුරුදු උත්සවේක ම වගේ Rota අපේ Online අවුරුද්දෙත් අවුරුදු කුමරා , කුමරිය තේරුවා, ඒත් ටිකක් අලුත් විදියට online vote කරලා , කොහොම හරි 2020 Rota අපේ අවුරුදු උත්සවේ තවත් ලස්සන වුණේ,
මානව ශාස්ත්‍ර පීඨයේ - නිලූපමා වික්‍රමගේ සොයුරියත්
කලමනාකරණ පීඨයේ - දුෂ්‍යයන්ත ලක්ෂිත සොයුරාත්
අවුරුදු කුමරිය හා කුමරා ලෙස කිරුළු පැළඳි නිසාමයි.








Rota අපේ online අවුරුද්ද මෙතරම් සාර්ථක හා නැවුම් සංකල්පයක් විදියට ඉදිරිපත් කරන්න සංවිධායක මණ්ඩලයේ සමාජිකයන්ගේ කැපවීම අමතක කරන්න ම බැරි දෙයක් ඒ අතර ,
•ව්‍යාපෘති සම්බන්ධීකාරක ලෙස –
තරුෂි ඉලේපෙරුම
විමුක්ති සමීර
•සංවිධායක මණ්ඩලය ලෙස-
මලිත් කවින්ද
ගයාන් මුතුකුමාර
• නිදර්ශක නිර්මාණයෙන් –
මධූෂ ජයරත්න
•සංස්කරණය –
සුසෑන් සෙව්වන්දි
පාරමී රණසිංහ
රවින්දි සිරිවර්ධන
ඇතුළු දායකත්වය දැක් වූ සියලු ම සොයුරු සොයුරින්ගේ කැපවීම අගය කළ යුතු වෙනවා හැමදාමත් වෙනස් විදියේ සංකල්පයක් සමග නැවුම් අත්දැකීමක් අපිට ළඟා කරදෙන Rotaract සමාජයෙන් ඔයාල හැමෝට ම ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිදුක් නීරෝගී සුව අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු!
Rtr.සිත්මි නිම්තරා