Rotaract Club of University of Kelaniya
⌕
Creative articlesසිංහල

අව්‍යාජ හීනය

තරු දිලෙන රෑයාමක නුඹ එක්ක ඇවිදින්නට තරු අතර සැගවෙන්නට මාත් උන්නා හීනයක කාටවත් නොකියාපු… . පෙර දිනක ඇවිදාපු මගෙහි යලි ඇවිදින්නට රැයේ සිසිලස විදගන්නට මාත් උන්නා හීනයක කාටවත් නොකියාපු… . අප අතර තිබුනාවු මතක යලි ගොඩගන්න පැතු

r
By rcuok20152016@gmail.com · 1 min read

තරු දිලෙන රෑයාමක

නුඹ එක්ක ඇවිදින්නට

තරු අතර සැගවෙන්නට

මාත් උන්නා හීනයක කාටවත් නොකියාපු…

.

පෙර දිනක ඇවිදාපු

මගෙහි යලි ඇවිදින්නට

රැයේ සිසිලස විදගන්නට

මාත් උන්නා හීනයක කාටවත් නොකියාපු…

.

අප අතර තිබුනාවු

මතක යලි ගොඩගන්න

පැතුම් මැද තනිවෙන්න

මාත් උන්නා හීනයක කාටවත් නොකියාපු…

.

හද කොනක තිබුනාවු

සුසුම් යලි ඇහරෙන්න

නුඹ පහස විදගන්න

මාත් උන්නා හීනයක කාටවත් නොකියාපු…

Share this articleWhatsApp   Facebook   Copy link
r
rcuok20152016@gmail.com

See all articles by this author

Related articles