Rotaract Club of University of Kelaniya
⌕
Creative articlesසිංහල

කතකගේ ලොව

දෙනෝදාහක් යනෙන මගකඑක් පසක වැඩී ඇතිතුරු වියන පාමුලඅහඹුවෙන් ඇතැමෙක් විඩා නිවූ නවාතැනකි එය පින්තාරු සිතුවම් රැඳි එක්වරම නෙත ගැටුණු සිතුවමක,“බොරලු පාරක ඇවිද යන ඇයහොවාගෙන ළදරු‌වෙකු අතකින්දරා දියපිරි කළය වමතින් දෑස් ගැඹුරෙහි ග

S
By Senara Sudasinghe · 1 min read

දෙනෝදාහක් යනෙන මගක
එක් පසක වැඩී ඇති
තුරු වියන පාමුල
අහඹුවෙන් ඇතැමෙක්
විඩා නිවූ නවාතැනකි එය
පින්තාරු සිතුවම් රැඳි

එක්වරම නෙත ගැටුණු සිතුවමක,
“බොරලු පාරක ඇවිද යන ඇය
හොවාගෙන ළදරු‌වෙකු අතකින්
දරා දියපිරි කළය වමතින්
දෑස් ගැඹුරෙහි ගිලී යයි ඈ මනසින්”
වචන බොල් කර
පාට ඔප දා
කතකගේ ලොව නගා තිබූ
සිත්තරාවියක් ඈ ජීවිතය සොයා යන

ඉඳින් මම
මොණර කොළ කීපය
තබා ඇගෙ දෑත මත
පිවිතුරු හදින්
වාරු දුන්නෙමි
අභිමන් ලද කතක් විලසින් නැඟී හිඳිනට….

Share this articleWhatsApp   Facebook   Copy link

Related articles