Rotaract Club of University of Kelaniya
⌕
Newsroomසිංහල

කාලකණ්ණි ජීවිතේ

ලිව්වාට නිම් නැතිහිතුවාට වැඩ නැතිඋරුමයක දිගහැරුමකරුම වූ ඉරණම 💔 රිදුම් දෙන හිතක්විඩාබර නෙතක්යල්පැනෙනා ගතකමියෙන හදවතක් සමනල තටුවකටටොනාඩෝ ආවමදැනෙන ජීවිතේ රසකා බලන් අතීතය ගිලිහුනත් ඈ උගෙන්විසදුමක් නොවෙයි උබපළමු පෙම උපන්ගෙයි

r
By rcuok20152016@gmail.com · 1 min read
image courtesy: shutterstock.com

ලිව්වාට නිම් නැති
හිතුවාට වැඩ නැති
උරුමයක දිගහැරුම
කරුම වූ ඉරණම 💔

රිදුම් දෙන හිතක්
විඩාබර නෙතක්
යල්පැනෙනා ගතක
මියෙන හදවතක්

සමනල තටුවකට
ටොනාඩෝ ආවම
දැනෙන ජීවිතේ රස
කා බලන් අතීතය

ගිලිහුනත් ඈ උගෙන්
විසදුමක් නොවෙයි උබ
පළමු පෙම උපන්ගෙයි
වැලපෙමින් තවම ඇත

නොවෙයි උබ සිදුහත්
යශෝදරා ඈ උවත්
නොවේ ඈ යශෝ
උනත් උබ සිදුහත්

තනිකමේ හුස්ම පොද
බිදුණු වීදුරු මැදින්
ගලාගිය රුහිරු දැන්
කැටි බව තේරුම් ගනින්.

Writer: anonymous

Share this articleWhatsApp   Facebook   Copy link
r
rcuok20152016@gmail.com

See all articles by this author

Related articles