Rotaract Club of University of Kelaniya
⌕
Creative Write-upsසිංහල

නුඹ ඇවිත්…

කවි වදන් මුමුණන්න රස රහස් කොඳුරන්න නුඹ ඇවිත් අවුලන්න සිත් හැඟුම් සලලන්න කියඹු වැල් දඟලන්න දෙණයන කිති කවන්න කොපුල් තල සිපගන්න ගත සළුව ලිහලන්න යාමයක හිරු ගිලෙන මා තනිව පියමනින වෙලා ගත සනසන්න රිසි ලෙසින් විඳගන්න පහස මා මත්

r
By rcuok20152016@gmail.com · 1 min read
Image courtesy:https://images.app.goo.gl/hfG7BNii1BAf3zcH9

කවි වදන් මුමුණන්න
රස රහස් කොඳුරන්න
නුඹ ඇවිත් අවුලන්න
සිත් හැඟුම් සලලන්න
කියඹු වැල් දඟලන්න
දෙණයන කිති කවන්න
කොපුල් තල සිපගන්න
ගත සළුව ලිහලන්න
යාමයක හිරු ගිලෙන
මා තනිව පියමනින
වෙලා ගත සනසන්න
රිසි ලෙසින් විඳගන්න
පහස මා මත් කරන
නුඹය මුදු සුව යහන
ඉදින් යළි පැමිණෙන්න
දඟකාර මඳ පවන…

Co- director (Special Events): Rtr. Mihiravi Gunasekara

Share this articleWhatsApp   Facebook   Copy link
r
rcuok20152016@gmail.com

See all articles by this author

Related articles