Rotaract Club of University of Kelaniya
⌕
Creative articlesසිංහල

රටා මවනෙමි ඉදලකින් මම

අවදි වී හිරුටත් පෙරම සුසුම් දී හිස්ව ගිය ලිපට වතුර උගුරක පිහිට ගෙන රටා මවනෙමි ඉදලකින් මම… . ලොකු දූ ඒරොප්පෙ පොඩි පුතු පවුල් වී උඩරට බරක් වෙන්නැති උන්ට පිහිට වෙන එක අම්මට… . අලුයම මැදියමක් නැත ලැබුනොතින් බත්කටක් කුසගින්නට

r
By rcuok20152016@gmail.com · 1 min read

අවදි වී හිරුටත් පෙරම

සුසුම් දී හිස්ව ගිය ලිපට 

වතුර උගුරක පිහිට ගෙන

රටා මවනෙමි ඉදලකින් මම…

.

ලොකු දූ ඒරොප්පෙ

පොඩි පුතු පවුල් වී උඩරට

බරක් වෙන්නැති උන්ට

පිහිට වෙන එක අම්මට…

.

අලුයම මැදියමක් නැත

ලැබුනොතින් බත්කටක් කුසගින්නට

හැත්තෑ දෙකක් වයසට

දෑත් වැඩ තවම හිතේ හයියට…

.

වතුර බිල්, ලයිට් බිල් අහස උසට 

ඊට දෙවෙනි නෑ පොලියට ගත් ණය

දවසේ පඩියට වැඩකරන අපිට 

කොයින්ද මොණරු සාක්කුවට…

.

දෙවිවරු වන් දොස්තර මහත්වරු

ලෙඩ දුක් නිවාලයි  නිරතුරු 

අපිටත් ඇත්තේය ලෙඩ නොමදුරු 

කොයින්ද බෙහෙත් හේත් අපි කම්කරු…

.

පුර පෝයට සිල් ගන්නට

අපිත් ආසයි පන්සලේ බුදුන් වදින්නට

මල් පහන් සුවඳදුන් පූජා කරන්නට

කොයින්ද නිවාඩු පහළොස්වක ආවට…

.

අපුලකින් බලා අප හෙලා දක්නා මිනිසුනේ…

මම නොවෙයි ඔබලයි මංමාවත් හැඩි කලේ…

හැඩ කරන මගේ දෑතටයි පිළිකුල උරුම වූයේ…

අප නැතිව රට සුන්දර වේ යැයිද සිතන්නේ…

Share this articleWhatsApp   Facebook   Copy link
r
rcuok20152016@gmail.com

See all articles by this author

Related articles