You are currently viewing වප් පුර පසළොස්වක පොහොය

වප් පුර පසළොස්වක පොහොය

වර්ෂයේ දහවන මාසය හෙවත් ඔක්තෝම්බර් මාසයට එළඹෙන්නේ වප් පුර පසළොස්වක් පොහොය දිනයයි. මෙවර ඔක්තෝම්බර් හයවන දිනට යේදී ඇති මෙම පොහොය දිනය ශාසනික වශයෙන් වැදගත් සිදුවීම රාශියයක් නිසා විශේෂය.

මෙයින් එක් වැදගත්කමක් නම් බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍යරාජයාණන් හෙවත් මහමායා දේවිය අභිධර්ම දේශනයක් සිදු කිරීමය. ඇය එම දේශනය අසා සෝවාන් මාර්ග ඵලය ලැබූ බව සැලකේ. එමෙන්ම බුදුරජාණන් වහන්සේ සංකස්සපුරයට වැඩම කිරීමද මෙම වප් පසළොස්වක් පොහෝ දින සිදු වුවකි.

වප් පොහොය බෞද්ධයන්ට වැදගත් වීමට තවත් වැදගත් හේතුවක් වන්නේ එම පොහොය දිනයේදී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක තනතුර හෙබවූ සැරියුත් මහරහතන් වහන්සේ මහා ප්‍රාඥලාභීන් අතර අග තනතුරට පත් විමය. තවද මතු බුදුවන මෛත්‍රී බොසාතානන් වහන්සේ පන්සීයයක් පිරිස පිරිවරා පැමිණ ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි විමද මෙම පොහොයේ වැදගත්කම දෙගුණයකින් ඉහල නංවයි.

ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාව වන අපට මෙම පොහොය තවත් හේතු කිහිපයක් නිසා වැදගත් වේ. ඒවා නම්, ශ්‍රී මහා බෝධින්වහන්සේ වැඩම කිරීමට දෙවන පෑතිස්‌ රජු විසින් අරිට්ඨ කුමරු ඇතුළු දූත පිරිස දඹදිව කරා පිටත් කරවීම, මිහිදු මහරදුන්ගේ අනු දැනුම ඇතිව සිඟාල මහරහතන් වහන්සේ විසින් ථුපාරාමයේදී විනය පිටකය සංගායනය ආදියයි.

මෙම පොහොයේදී ජුලි මාසයේ සිට ඔක්තෝම්බර් මස තෙක් වස් විසු බෞද්ධ භික්ෂුන් වහන්සේලා වස් පවාරණය සිදු කරනු ලබයි. එය කඨින චීවර උත්සවයකින් අවසාන කෙරේ. එම නිසා මේ මාසයට කඨින මාසය, චීවර මාසය යන නම් වලින්ද ආමන්ත්‍රණය කෙරේ. ආනන්තරිය පාප කර්මයකට හැර වෙනත් අකුසලයකට මෙම කඨින චීවර පුජාවේ ආනින්සංස යටපත් කල නොහැකි බව බෞද්ධ මතයයි. මෙම පොහොයේදීද බෞද්ධ ජනතාව ආමිසයේහි හා ප්‍රතිපත්ති පුජාවේ යෙදීම සිදු කරනු දැකිය හැකිය.

Leave a Reply