නවම් පොහොය සමග බැඳුනු බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසකි. අපි ඒ එකින් එක විමසා බලමු.
සැරියුත් මුගලන් මහරහතන්වහන්සේලා අගසව් පදවිය ලබා ගත්තේ මෙවන් වූ පොහෝ දිනකයි. තවත් කරුණක් නම් බුදු හිමි පිරිනවන් පෑමට තෙමසකට පමණ පෙර එනම් බුදු රජාණන් වහන්සේට වයස අවුරුදු අසූව සපිරීමට තෙමසකට පමණ තිබියදී තම ආයු සංස්කාරය අත හැරීමට ඉටා ගත් බව ප්‍රකාශ කලේද මෙවන් වූ පොහෝ දිනකයි. මේ අනුවේදනීය සිදුවීම සිදුවීමට පෙර බුදුරදුන් ආනන්ද හිමියන් අමතා බුදුවරයෙකුගේ ආයු සංස්කාර අත් හැරීම් අටක් පිළිබදව දේශනා කරමින් සතර ඍධිපාද වැඩූ බුදුවරයෙකුට කල්පයක කාලයක් වැඩ සිටිය හැකි බවට තෙවරක්ම ප්‍රකාශ කල නමුත් කල්පයක් එසේ වැඩ සිටීමට ආනන්ද තෙරුන් ආරාධනා නොකළ නිසාවෙන් බුදු රදුන් තම ආයු සංස්කාරය අත් හැරීමට තීරණය කළ සේක.
නවම් මස පොහොය දිනයක රජගහනුවර වේලුසුමනාරාමයේදී සුවිශේෂී සිදුවීම් කිහිපයක්ම සිදු වී ඇති අතර මේ අවස්තාවේදී උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් පැවදි වීමත්, සැරියුත් මුගලන් අගසව් දෙනම ඇතුලු දහසකටත් වඩා ඉක්ම වූ සංඝ සන්නිපාතයක් වීම මෙලෙස දැක්විය හැක. මෙය සසුනේ ප්‍රථම සංඝ සන්නිපාතය වේ.
එලෙසම සැරියුත් මුගලන් දෙපල අග්‍ර ශ්‍රාවකයන් ලෙස නම් කිරීමද සිදු වූයේ මෙම දිනයේ වන අතර මේ නිසා යම් යම් මතභේදාත්මක තත්වයන්ද ඇති වූ බවත් මෙම සැරියුත් මුගලන් දෙනම අගසව් තනතුරු පතමින් පැරණි ආත්ම වල විවිධ පුන්‍ය කර්ම කරමින් පින් රැස් කල බවත් පැහැදිලි කරමින් බුදු රජාණන් වහන්සේ අපදාන පාලි කතාව දේශනා කරමින් එම මතභේද වළක්වාලීමට කටයුතු කළේය. එලෙසම තනතුරු නොලැබුනු හිමිවරුන්ට ප්‍රථම අවවාද දෙමින් ඕවාද ප්‍රතිමෝක්ෂයද දේශනා කිරීමට බුදු රජාණන් වහන්සේ කටයුතු කළ සේක. මෙලෙස බුදු රදුන් විසින් මහ සඟරුවනට ශික්ෂා පැනවීම සිදු වූයේ මෙවන් පොහෝ දිනකදීය.
මෙලෙස සුවිශේෂි සිදුවීම් රැසක් සිහිපත් කරන මෙම නවම් පෝය, සැදැහැවත් බෞද්ධ ජනයා සිල් සමාදන් වීම, භාවනා කිරීම ආදී ප්‍රතිපත්තී පූජා වලද, මල්, පහන්, ගිලන්පස ආදිය පූජා කරමින් ආමිස පූජා වලද නිරත වෙමින් අර්ථවත් කරගනු ලබති. ඔබ සැමට පින්බර නවම් පුන් පොහෝ දිනයක් වේවා!
