සෑම වසරක ම සැප්තැම්බර් මාසය සාහිත්‍යය වෙනුවෙන් ම වෙන් කරන ලද කාල පරිච්ඡේදයක් ලෙස හැදින්විය හැකි ය. සාහිත්‍යය සම්බන්ධ විවිධ වූ දේවල් සිදු කරනු ලබන මෙම මාසය ලේඛක, ප්‍රකාශක සහ පාඨක සැමට ඉතා ම සුවිශේෂී කාලයකි. සාහිත්‍යය යනු නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින් ඉදිරියට ගමන් කරන ක්ෂෙත්‍රයක් වන අතර එහි උන්නතිය වෙනුවෙන් වෙන ම මාසයක් වෙන් කර තිබීම ඉතාමත් වැදගත් ය.

සාහිත්‍යය යනු කිසියම් භාෂාවක රසවින්දනාත්මක පැතිකඩෙහි වර්ධනය කෙරෙහි සෘජුව ම බලපාන කරුණකි. මන්ද යත්, සාහිත්‍යය හා රසවින්දනය අතර ඇත්තේ බිදිය නොහැකි අන්තර් සම්බන්ධතාවක් වීමයි. ශ්‍රී ලංකාවේ ජනතාවගේ රසවින්දනයේ උසස් බව වර්ධනය කරමින් සාහිත්‍යය නව මගකට රැගෙන යාම සාහිත්‍යයේ මූලික අරමුණයි. එමෙන් ම රට තුළ සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි නියැලෙන විවිධ වෘත්තිකයන් ඇගයීම ද මෙම මාසයෙහි එක් අරමුණකි. තව ද සාහිත්‍ය නිර්මාණයන්හි රසිකයන්, එනම් පාඨකයන් හට ද විවිධාකාරයේ වරප්‍රසාද ලැබෙන කාල පරිච්ඡේදයක් ලෙස මෙම මාසය හැදින්වීමට හැකි ය. මෙය සාහිත්‍ය නිර්මාණ එළි දක්වන්නන් සහ ඒවා රස වින්දනය කරන්නන් කරන්නන් යන දෙපාර්ශවයට ම එක් ව සැමරිය හැකි මාසයකි.

සාහිත්‍ය මාසයේ දී රට තුළ විවිධාකාර සැමරුම් සිදු කරන බව දක්නට ලැබේ. විශේෂයෙන් ම නිර්මාණකරුවන්ග් නිර්මාණ සහ ඔවුන්ගේ හැකියාවන් ඇගයීමට සංවිධානය කරනු ලබන සම්මාන උළෙල හැදින්විය හැකි ය. ජාතික සාහිත්‍ය උත්සවය, ගොඩගේ සම්මාන උළෙල, ස්වර්ණ පුස්තක සම්මාන උළෙල මේවා අතරින් සුවිශේෂ ස්ථානයක් හිමි කර ගනී.පාඨකයන්ගේ රස වින්දනය වෙනුවෙන් විශිෂ්ට ගණයේ නිර්මාණ බිහි කරන සාහිත්‍යකරුවන් ඇගයීමට මෙවැනි මාසයක් වෙන් කර තිබීම සැබවින් ම වැදගත් ය.
වර්තමානය වන විට ලෝකය ගමන් කරන්නෙ ඩිජිටල් අනාගතයක් වෙතටයි. යම් අවස්ථාවලදී ලෝකයේ ශීඝ්‍රයෙන් ඉදිරියට යන ඩිජිටල්කරණය සාහිත්‍යය සදහා නව රුකුලකි. මන්ද යත්, නව නිර්මාණ පළ කිරීමට සහ රස වින්දනය කිරීමට හැකි බොහෝ මාධ්‍ය ඩිජිටල් ලෝකය තුළ දක්නට ලැබීමයි. මෙය තුළින් පාඨකයාට මෙන් ම නිර්මාණකරුවාට ද පහසුවෙන් තම කටයුතු කර ගැනීමට හැකි වේ. නමුත්, තවත් පැතිකඩකින් මෙය නිරීක්ෂණය කරන විට දක්නට ලැබෙන එක් දෙයක් නම් ඩිජිටල්කරණය හේතුවෙන් සාහිත්‍යය වියැකී යන බවයි. මන්ද යත්, ජනතාව පුරුදු වී සිටින්නේ ජංගම දුරකථනය සමග ඔවුන්ගේ විවේක කාලය ගත කිරීමටයි. මෙම නිසා ඔවුන්ට විශේෂයෙන් ම නව පරපුරට සාහිත්‍යයේ වැදගත්කම පිළිබඳ ව මනා අවබෝධයක් නොමැත.ඔවුන්ට එම අවබෝධය ලබා දීම සදහා මෙම මාසය ඉතා ම වැදගත් වේ. පාසල් මට්ටමින් හෝ කුමන හෝ ආකාරයකින් ඔවුන් හට සාහිත්‍යයේ ඇති වටිනාකම පෙන්වා දීමට මෙම කාල පරිච්ඡේදය තුළ විවිධ වැඩසටහන් සිදු කළ හැකි ය. නව පරපුරට සාහිත්‍යයෙහි අගය වටහා දීම රටෙහි අනාගතය වෙනුවෙන් සිදු කරනු ලබන බුද්ධිමත් ආයෝජනයකි.
ශ්‍රී ලංකාව තුළ සිටින සමස්ත පාඨක ජනතාවට සහ සාහිත්‍ය නිර්මාණකරුවන් හට සැමරුම් මාසයක් වන සැප්තැම්බරය හැකි උපරිම අයුරින් සාහිත්‍යයේ උන්නතිය වෙනුවෙන් වැය කිරීමට අප සැම කටයුතු කළ යුතු ය.


Beautifully Written! 🥹🩷
well written