
තිහස්වර තම ලිපිය ලියා අවසන් කලේය. උදෑසන ආරම්භ කර වචනයෙන් වචනය ගලා විත් සම්පූර්ණ පිටු හතරක පමණ වූ වාර්තාව අතට ගත් ඔහු විඩාබර සුසුමක් හෙලීය. ඔහු අධ්‍යනය කල මාතෘකාව වූයේ ලාංකීය ඉතිහාසයේ පුරුෂාධිපත්‍යට අභියෝගයක් වූ කාන්තාවන් යන්නයි. මේ මාතෘකාව තෝරා ගැනීමට පෙර ඔහු දෙවරක්.. තෙවරක්..නැත.. නිදි නැති රැයවල් කිහිපයක් සිතුවේය.කීකරු කම මිස අභියෝගයක් වනු දුටු කල්හී කාන්තාවන් විවේචනය වී ඇති අයුරු ඔහු සිංහල ඓතිහාසික රාජවංශයේ දුටුවේ දෙතුන් වරක් නොවේ. මේ මාතෘකාව තෝරා ගැනීමෙන්ම ඔහුට තර්ක ගොඩ නැංවීමට සිදු වන්නේ ලාංකීය ඉතිහාස පොත්, ඉතිහාස සාක්ශි සමග බව ඔහු නොදන්නවා නොවේ. නමුත් ඉතිහාසය සැම විටම නිවැරදිද… එවා ලියවුනේත්….. අද කාලයේ පන්ඩිතයන් අතින් ලියවුනු සමහරක් ලිපි ගොනු ලියවුනු ආකාරයටමද.. තමන්ගේ මතය ප්‍රකාශ කිරීමක් පමණක් එහි අඩංගු වූයේද… නැතිනම් ඒ සියලු කතාංග ගෙතූ කරුනුද.. මෙවන් ප්‍රශ්න වලට විසදුම සෙවීම ඔහුගේ එකම අරමුන විය. ඉතිහාසය නිතරම ලියවෙනුයේ ජයග්‍රාහකයාගේ කෝනයෙනුයි. නමුත් ග්‍රීක සාහිතයේ වදනක් වූ “ සිංහයාටත් අකුරු පුලුවන් වූවා නම්…”
සත්තකින්ම ශ්‍රී ලාංකීය රාජාවංශයේ පුරුෂාධිපත්‍යට කුණාටුවක් වූ කාන්තාවන් නැතුවාම නොවේ. අනුරාධපුර යුගයේ රජකම් කල ආසියාවේ ප්‍රථම රාජ පාලිකාව…”රැජින අනුලා” ගැන අප පලමුව කතා කරමු. ඈට එල්ල වන චෝදනාව නම් ස්වාමියන් කිහිපයක් සිටීම සහ ඔවුන් ඝාතනය කිරීමයි. නමුත් කරුන නම් ඈ ගැන සදහන් වන මූලාශ්‍ර එකකවත් ඇගේ කාලයේ රාජ්‍ය පාලනයේ වූ අඩුපාඩුකම් සදහන් නොවීමයි. එසේ නම් ඈ රාජ්‍ය පාලනය අතින් ශ්‍රේෂ්ට පාලිකාවක් යැයි අනුමාන කිරීම අපට කල නොහැකිද…රජෙකුටත් බිසෝවරුන් අන්තප්පුරයක් සිටියේයැයි ඉතිහාස කතා වල සදහන් නොවන්නේද… අනුලා රැජිනට ස්වාමියන් කිහිපයක් සිටීම ඈ තම රාජකීයත්වය හැගවීමට කල උත්සහයක් යැයි කවුරුන් දනිත්ද… යන ප්‍රශ්න ඔහුගේ මනසේ මතුවිය.
ලාංකීය ඉතිහාසයේ රැජිනක් වශයෙන් නම් දැරූ ඇගේ විස්තර සදහන් වන්නෙ අතේ ඇගිලි ගනනටත් අඩු මුලාශ්‍ර වලයි. පැරණි සමාජයෙන් කාන්තාවකට යටත් වීම සම්බන්ධයෙන් ඇති වූ විරෝධයේ නිහඩ ප්‍රතිරූපය එලෙස පෙන්වා ඇත්දැයි ගැටලුවක් පැන නගී.

ඉතිහාසයේ ඔහුගේ අවධානයට ලක්වූ තවත් කාන්තාවක් නම් ඒදඩුවාවේ කුමාරිහාමි වේ. ඈ එකල පිරිමින්ට පමණක් හිමි වූ දිසාපති පදවිය හිමි කරගත් ප්‍රථම කාන්තාවයි. අනීතිකව තම පියා මැරූ පලිය ගැනීම වෙනුවෙන් වර්ශ ගනනාවක් අංගම්පොර පුහුනු වී පැමිනි ඈ අවසානයේ තම පියාට මරු අත්කර දුන් සුදලියේ නිලමේව අංගම්පොර තුලින්ම දිවි තොර කලාය. ඇය එකල ප්‍රසිද්ධියට පත් වූයේ ඒදඩුවාවේ දිසාපතිනිය ලෙසයි.
මෙලෙස තෝරාගත් බොහෝ කාන්තා චරිත වලින් ඔහු වඩාත් ප්‍රිය කල චරිත ද්විත්වය ඔහු නැවත කියවීය.
අවසන ලියා නිම කල ලිපි පිලිවෙලින් සකසා අමුනා ඒවා බෑගයට දමා ගත් තිහස්වර බිත්තියේ එල්ලා ඇති ඔහුගේ මවගේ රූපය දෙස බැලීය. ඇගේ මව තරුන වියේදි දිසාපතිනිය වී සිටි කල ගත් චායාරූපය අදටත් ඔහුගේ ප්‍රියතම චායාරූපයයි. ” හරිකේන් ” ඔහුට ඔහුගේ මව මතක් කරන්නකි. 💗
……………………………………………………………………………………………………………………………………………………………………………………………………………………
හරිකේන් අර්ථය – වාසුළි කුණාටු අතරින් ඉතාමත් බලවත් සහ විනාශකාරී කාලගුන පද්ධතියක් ලෙස නිවර්තන වාසුළි දැක්විය හැක. මේවා අත්ලාන්තික් සාගර ප්‍රදේශයේදි හරිකේන් ලෙස හදුන්වයි.
