You are currently viewing මාසික යාවත්කාලීන කිරීම – මාර්තු 2022

මාසික යාවත්කාලීන කිරීම – මාර්තු 2022

2022 වර්ෂයේ මාර්තු මස Rotaract දිනපොතේ නොමැකෙන සටහන් ගොන්නක් ඉතිරි කිරීමට Club Service Avenue , Professional Development Avenue , Sports and Entertainment Avenue හා Editorial Team, Public Relations Team, Digital media team මෙන්ම Member Relations Team විසින්ද ඉමහත් වෙහෙසක් දැරීය.

Community Service Avenue හි Wildlife and Animal Welfare Team විසින් සංවිධානය කරන ලද කටුව ව්‍යාපෘතිය 21 වන දින අතිසාර්ථක අන්දමින් සිදුවූ අතර එකතු කර ගන්නා ලද ගොලුබෙලි කටු 75ක් පමණ මීගමුව කලපුවේ කඩොල්කැලේ තැනින් තැන වල දමා කකුළුවන්ට වාසස්ථාන නිර්මාණය කර දෙන ලදී.එපමණක් නොව රොටරැක්ට් දිස්ත්‍රික් 3220 හි Community Service Avenue සියල්ලම ඒකාබද්ධව ලෝක විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ දිනය උදෙසා සිදුකරනු ලබන යාළුවා ව්‍යාපෘතිය මෙවරත් වතුපිටිවල මූලික රජයේ රෝහලේදී අති සාර්ථක අන්දමින් පවත්වන ලද අතර එහිදී ඉතා සරලව downsyndrome පිළිබඳ පැහැදිලි කරන ලද පොත් පිංචක් ද බෙදා දෙන ලදී.

International Service Avenue විසින් ඉන්දියාවේ coimbatore spectrem රොටරැක්ට් සමාජය සමග එක්ව සිදුකරන One Book, One Smile ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය පොත් පත් එකතු කිරීම විශ්වවිද්‍යාලයීය  පරිශ්‍රය තුළ සිදුවූ අතර  දින දෙකක් තුළ පොත් 250 කට ආසන්න ප්‍රමාණයක් එක් කර ගැනීමට හැකි විය.

නව ලෝකයේ තාක්ෂණයත් සමඟ මුසු වෙමින් Professional Development Avenue විසින් Spectrum නම් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද අතර මෙහිදී NFT එකතුවක් නිර්මාණය කර අප්‍රේල් දෙවැනි දා පැවැත්වෙන රොටරැක්ට්  දිස්ත්‍රික් සමුළුවේදී එළිදැක්වීමට නියමිතය. ඩිජිටල් නිර්මාණකරුවන්ගේ නිර්මාණ වලින් ද සමන්විත වන අතර මේ තුලින් ලබාගන්නා ආදායම ඉදිරි ව්‍යාපෘතීන්හි සාර්ථකත්වය සඳහා යොදා ගැනීමට යෝජිත ය.එමෙන් ම මාර්තු 25 වන දින Blockchain තාක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වූයේ spectrem ව්‍යාපෘතියේ තාක්ෂණික අනුග්‍රහකයින් වන ZynergyX Pvt Ltd ආයතනය සමඟ ඒකාබද්ධ වීමෙන් වීමද විශේෂත්වයකි.

Editorial හී සාමාජිකයන්ගේ නිර්මාණශීලීත්වය අගයනු වස් නිල වෙබ් පිටුවේ Creative Corner හි  ඔවුන්ගේ ලිපි පළකිරීම මෙම මස ඇරඹුණි.එමෙන්ම විශේෂ දින ලිපි සුපුරුදු පරිදි නිල බ්ලොග් පිටුවට එක් කිරීම Editorial Team විසින් මෙම මස සිදු කරන ලදී.

සියලුම රොටරැක්ට් සාමාජිකයන්ගේ එකතුවෙන් සිදු කරනු ලබන Rota Tomorrow 2.0  දැවැන්ත ව්‍යාපෘතිය මෙම වර්ෂයේ දී දෙවන වරට පැවැත්වෙන අතර මාර්තු මස දී ද සමාජයට ඉමහත් බලපෑමක් කරමින් මෙහි ව්‍යාපෘතීන් කිහිපයක්ම සාර්ථකව නිමා කරන ලදී. Team Los Amigos විසින් ඔවුන්ගේ සෙනෙහෙදිය ව්‍යාපෘතියේ දෙවන අදියර මහර MOH කාර්යාලයේදී සිදු කරන ලද අතර Team Esperanza හි අකුර ව්‍යාපෘතියේ පළමු අදියර ද  මාර්තු 26 රඹුක්කන ශ්‍රී බෝධිරාජ ළමා ගම්මානයේදී  සාර්ථකව සිදුවිය.

IT Team විසින් මාර්ගගත ව්‍යවසායකත්වය මෙන්ම ස්වයං රැකියා පිළිබඳව පවත්වන ලද sparkX වැඩමුළුව මාර්තු 26 දින ප.ව. 4 ට Zoom තාක්ෂණය ඔස්සේ නිශ්ශංක ද සිල්වා මහතා විසින් පවත්වන ලද්දේ තරුණ ව්‍යවසායකයින් මෙන්ම ස්වයං රැකියා සිදු කරන්නන්ට ද අභිප්‍රේරණයක් ඇති කරමිනි.

Career Fair 2022 යනු කැලණිය විශ්ව විද්‍යාලයේ වාර්ෂිකව විද්‍යාර්ථීන්ගේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීම උදෙසා Leo, Rotaract , LED KLN , AIESEC, Gavel  යන සංවිධානයන් ද එක්ව සිදුකරන දැවැන්ත ව්‍යාපෘතියකි. වැඩමුළු කිහිපයක් විවිධ ක්ෂේත්‍රයන්හි විද්වතුන්ගේ සහභාගිත්වයෙන් 3,11,17,24 25 යන දිනයන්හි පැවැත්වුනු අතර මාර්තු 31 වන දින එහි සමාරම්භක උත්සවය මෙන්ම සඟරාව එළි දැක්වීම ද අති උත්කර්ෂවත් අන්දමින් සිදු කරනු ලැබීය.

රොටරැක්ට් වර්ෂ 22-23 සඳහා නව නායකත්වයන් පත්කර ගැනීම සඳහා අයදුම්පත් විවර වූයේ නව රොටරැක්ට් වර්ෂය සඳහා බලාපොරොත්තුවක් ද එක්කරමිනි.

මාර්තු මස මාසික මහා සභා රැස්වීම විසිනම වන දින ප.ව. 7.30 පමණ zoom තාක්ෂණය ඔස්සේ පවත්වන ලද අතර නව රොටරැක්ට්  වර්ෂය සඳහා නව සභාපති වශයෙන් තේරී පත් වූ Rtr.මනුල පෙතියාගොඩ සහ සහ ලේකම් වශයෙන් තේරී පත් වූ Rtr.වෙරෝෂා අබේගුණවර්ධන නිල වශයෙන් දැනුම් දෙන ලද අතර සියල්ලෝම ඔවුනට සුභ පැතුම් එක්කරන ලදී.

රොටරැක්ට් චාරිකාවේ තවත් එක් සුන්දර ගමන් මගක් මෙලෙසින් නිමාවට පත්වූයේ නව මස උදෙසා තවත් බලාපොරොත්තු ගොන්නක් ඉතිරි කරමිනි.

~Written By : Rtr.Vishwanee Alahakoon ~

Leave a Reply