යන්න එපා දෙවෙන්දොරා සං…

Image courtesy: https://images.app.goo.gl/LdgsfyMuauSreZtR6

“යන්න එපා දෙවෙන්දොරා සං…..
යනව නම්, දෙවෙන්දොරා සංගෙ සිරුරෙ සුවඳ-මේ ඇඳුම් වල සුවඳ තියලා යන්න…”

කීවා මතක ද මං
යන්න යනකොට එදා
කොයිතරම් නම් කාලයක් ද?
තාම අමතක නෑ නේද..?
අදත් ගියා මං
නුඹව දැකගන්ට
වාරුහෙම නැති වුනත්
ඉස්සර වාගේ දැන්…
එදා වාගේම යි අදත්
සුදෝ සුදු මල් පිපිලා
නුඹ නිදන ඒ බිම්කඩේ…

තුහින සිඹ සිඹ
පිපෙනවා සකුරා
වසන්තය ඇවිල්ලා
මනාලිය සේ සැරසිලා
ඒ සුවඳ විඳ විඳ ම
අපිත් ගියා මතක ද..?
සීත මගේ අතැඟිලි
නුඹේ උණුහුම් අතේ පටලා…

කියන්න මට,
ඒ අතීතය හීනයක් ම ද? තාම ඉඳ හිට මාව හඬවන…


-නොරිකෝ

Senior editor: Rtr. Suzan Sewwandi