ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩුවෙල මහතා පසුගියදා, එනම්, සැප්තැම්බර් මස 23 වන දින තම දිවි සැරිය නිමා කල අතර මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඔහු මිය යන විට 56 හැවිරිදි වියෙහි පසු විය.
ජූරිය, කැලණි පාලම, මෝදර මෝල, අන්දරේලා, මීහරක් වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය සහ ජුලියට්ගේ භූමිකාව, ආසයි මං පියාඹන්න, පරාවර්තන, රාජ්‍ය සේවය පිනිසයි වැනි චිත්‍රපට රැසක් පමණක් නොව ඇත්කඳ ලිහිණි, කසී සලු , සුදු හාමිනේ, අකුරු මැකී නෑ වැනි නාට්‍ය වලටද ඔහුගේ දායකත්වය ලබා දී දේශීය ප්‍රේක්ශකයන් අතර ඉමහත් ජනප්‍රියතාවයක් ඉසිලූ අතර සිනමාව, වේදිකාව සහ පුංචි තිරයද ජය ගැනීමට හැකි තරම්ම ඔහුගේ කලා හැකියාව ඉමහත් වූ නිසාවෙන්ම ප්‍රේක්ෂක සිත් ඇද බැද ගැනීමට එයින් සමත් විය.
ජුලියට්ගේ භූමිකාව නම් ජැක්සන් ඇන්තනි මහතා අධ්‍යක්ෂනය කල චිත්‍රපටය තුලින් සිනමා දිවිය ආරම්භ කල ඔහු, නිසල විල, තාරකා මල්, ආසයි මං පියාඹන්න යන නිර්මාණ සදහා සුමති සහ සරසවිය සම්මාන ලබා ගත් අතර ඔහුවන් රංගධරයෙකුගේ මේ නික්ම යාමෙන් ක්ශේත්‍රයට වන අඩුව කියා නිම කල නොහැක.
දෙදරු පියෙක් වන නලින් මහතා කලක් දේශපාලනයටද සම්බන්ධ වී සිටි අතර බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් වශයෙන්ද කටයුතු කළේය. සිය දිවි ගමන නිමා කල නලීන් ප්‍රදීප් උඩුවෙල මහතාණෙනි ඔබට නිවන් සුව!
