Into the woods!!!

ඕන් ඉතින් යට ගිය දවස (බරණැස් නුවර කියලා නේද හිතුවේ? නෑ නෑ එහේ නෙවේ) අපේ කැලණිය විශ්වවිද්යාලයේ රොටරැක්ට් සන්ගමේ දසවන සන්වත්සරේ සමරන්න, අපේ ක්ලබ් සර්විස් ඇවනියු එකෙන් ප්‍රොජෙක්ට් එකක් කරන්න කියලා ඉහලින් යෝජනාවක් ආවා. අනේ ඉතින් “ඉබ්බා දියට දැම්මාම ඇන්නෑවේ කීවාලු” කියලා ලත් අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න හයික් යෑමේ තද බල ආසවෙන් පෙලෙන් අපේ එක් (එච්චර උස නැති ) ලේකම් තුමිකට පහල උන අති විශිෂ්ඨ අදහසක් මත, එම ආසවෙන් එම ලෙසටම පෙලෙන අපේ දයාබර කෝ ඩිරෙක්ටර්තුමියත්, දෙදෙනා ඇතුලු සන්විධායක කොමිටිය එකතු වෙලා තීරනේ කරා සන්වත්සර සැමරුමට ඉන්ටු ද වුඩ්ස් නමින් හයිකින්ග් ප්‍රොජෙක්ට් එකක් කරන්න.

ඔන්න ඉතින් මිත්‍රවරුනි පුරුදු පරිද්දෙන් කතා උනා වගේ නෙවේ වැඩේ පටන් ගත්තාම තමා අහින්සක අපිටත් මේ පුන්චි ලොකයේ ඇතිතාක් බාධක පැමිණියේ…එවන් ඇති තාක් වැහි වර්ෂා, සුළි කුනාටු මැද්දෙනුත් ද ඒ අස්සෙන් එහෙන් මෙහෙන් ඇහුනු අපේ ගෙවල් වල උදවියගෙ ඇනුම් බැනුම් ද, එකී මෙකී නොකී සියලු බාධා මැද්දේ යන්තම් දෙසැම්බර් මාසේ පෝය දින වූ 12 වැනිදා “කොහොම හරි යන්” කියා මධ්යම පලාතේ මහනුවර දිස්ත්‍රික්කේ තියන අලගල්ල කන්ද තරණය කරමු යැයි කටිටිය කතිකා කරගත්තා.


ඔන්න ඉතින් 12 වැනිදා උදේ පාන්දරම නමෝ විත්තියෙන් නුවර බලා යන පොඩි මැණිකේ කෝච්චියට අපේ උදවිය ගොඩ උනා. [ගොඩ උනා කිවාට කට්ටිය හතිදාගෙන දුවගෙන ආවද මන්දා මේ නඩේ ගුරා( කියලා හිතන් හිටපු එක්කෙනා) නැගිටින්න පරක්කු උන නිසා…] කොහොම කොහොමහරි එදා උදේ 10ට විතර, නුවරින් එකතු උන අපිට මග පෙන්නන ආපු අපේ යාලුවො ටිකත් එක්ක අලගල්ල නගින්න අපි පටන් ගත්තා….

At the summit of Alagalla


දෙසැම්බර් මාසේ පුරාවටම ඇදහලුන වැස්ස එදා නතර වෙලා තිබ්බේ ගියපු අපේ පෙරපින් මහිමෙට කියලා අපිට කන්ද පාමුලදි හිතුනත් උඩට උඩට බෑවුම නගිද්දි තමා අපිට අමාරුව තේරුණේ… කොහොමින් කොහොමින් හරි දවල් වෙද්දී කන්ද මුදුනට නැග ගන්න අපිට හැකි උනා…
සමිට් එක හෙවත් කන්දේ මුදුනටම ගොඩ උනාම අපේ අයට සියලු හති අමාරු, වා පිත් සෙම් දෝෂ ද, පිපාසවන්ද සා ගිනි ද එකී මෙකී නොකී සියලු දෝෂ එසැනින් පහව ගියේ කන්ද මුදුනේ සිට පෙනුන දර්ශනේ දැකලයි…

එක් පසකින් නුවර දිසාවේ තිබුන හන්තාන, අම්බුලුවාව, හුන්නස්ගිරිය කඳු ද, අනික් පසින් බතලේගල ආදී කඳු ද දිස් විය… වැස්සක පාටක්වත් නොතිබුන නිසාවෙන් මේ සියල්ල දැකගන්න අපිට හැකියාව ලැබුනා… අපි හැමෝම මේ ලස්සන බල බල ඉද්දී දන්නැති අයට මේ අර කන්ද, අර ඈත පේන්නේ අහවල් කන්ද කිය කියා පෙන්න පෙන්න හිටපු අපේ නඩේ ගුරා හෙවත් අපේ (එච්චර උස නැති ලේකම් තුමිය ) එක පාරට කෑගහුවා “අන්න කොළඹ පේනවෝ” කියලා. ඇය කලින් කියපු කඳු එම කඳුම වීමේ සම්භාවිතාවය කෙසේ උවත් ඈත බලද්දී අපිට සැබැවින්ම කොළඹ දිස් විය…

Colombo seen from Alagalla


අලගල්ල මුදුනේ සිටම දිවා ආහරයත් අරන්ම (දිවා ආහරය කීවාට දිවා ආහරයම නොවේ) අපි එතැනින් ඔබ්බට තිබූ ගල්පර්වතයක් මුදුනේ තිබූ චයිත්ය බලන්න සිතා අලගල්ලේ අනෙක් පසෙන් බෑවුම බහින්නට ගියෙමු. අන්ශක බර ගානක බෑවුමක් වූ එයද, නොබියව නොසැලී (රූටගෙන හරි) ගිය අපේ කට්ටියට මේ මොහොතේ අපේ ආචාරය පුද කරන්න ඔනේ…

චයිත්යය ද වැඳ පුදාගෙන අපි ආපහු අලගල්ල මුදුනට එද්දී අපි දුටු දර්ශනය නම් වචනයෙන් කියා නිම කල නොහැකි තරම් ලස්සන විය… එදා පෝය දිනක් වූ බැවින් එක් පසෙකින් නැගී එන හඳ ද, අනෙක් පසින් බැස ගෙන යන හිරුද නිසා අහසේ නා නා විධ පාට වලින් රටා තිබුනි. (ඔය අපිත් එක්ක ගිය සමහරක් අය එදා එ දැකපු පාට රෝස ද නැත්තන් තැඹිලි ද කියලා තාම තර්ක කරගන්නවා කියාල විස්වාසදායක ආරන්චි මාර්ග අපිට කියනවා)


ඉතින් අපි හැමෝම මේ ලස්සන බලන ගමන් සින්දුවකුත් කියාගෙනම පල්ලන් බහිද්දි හොඳටෝම රෑ බෝවෙලා… කන්ද බැහලා ඉවර වෙලා ලඟ තිබුන කඩේකින් අතිශය ලෙස අවශ්ය වී තිබූ තේ බී, රාත්‍රී ආහරයෙන්ද සප්පායම් වී අරන් අපි ආපහු එන්න පිටත් උනා (සමහරුන්ට කෑම වැඩිවෙලා ඔතාගෙනත් ගියාලූ )
මේ මොහොතේ විශේෂයෙන් මතක් කරන්න ඔනේ අපිට නොනිමි සහයෝගයක් (+ නොනිමි විහිලු ) සැපයූ අපේ මිත්‍රයන් විදූශ, රවීශ, කවිඳු, යසිත් සහ ආසිරි ඇතුලු පිරිස.

ඔන්න ඔහොම, අර කී මෙකී නොකී සියලු බාධා මැද්දෙන් අපේ පලවෙනි ගමන නිමා උනා.
එහෙනම් ඉතින් ඉන්ටු ද වුඩ්ස් අපේ මීලඟ චාරිකාවෙන් හමුවෙමු!!!

Joint Secretary: Rtr. Nemindi Rathnayake

Leave a Reply