You are currently viewing අගුළු ලෑම – Lock Down

අගුළු ලෑම – Lock Down

ආදරණීය කොරෝනා,

මේ සිස්ටම් එකේ දුවනකොට

අකමැත්තෙන් වුනත්

අගුළු ලා මග දමා ගිය

අතහැරුනු බොහෝ දෑ

යලි හැර බලන්නට

එක් අවසන් අවස්ථාවක්

මා අගුළු ලා නුඹ මට

තිළිණ කළ වග

දැන් වැටහුනෙම්

සමාජය කියන්නෙ එක පිම්මෙ දුවන රේස් එකක්.මේ රේස් එක ඇතුලෙ අපි ආසම දේවල්,වටිනම අය එකි නොකී බොහෝ දෑ අතහැරලා යනවා.ඒවා මග දිගට අගුළු දාලා රේස් එක දුවන්න යනවා.මේ රේස් එකේ අවසානයක් අපි දන්නෙත් නෑ,ඒත් පුරුද්දට වගේ දුවනවා. කොරෝනා ඇවිත් ටිකකට මාව මේ රේස් එකෙන් එලියට ගන්නවා.ඒ ගන්නෙ මෙච්චර කාලයක් මම ජීවිතේ බොහො දෑ අගුළු දැම්ම විදියටම,කොරොනා මාව අගුළු දානවා.එහෙම කරලා මට අවසාන වතාවට අවස්ථාවක් දෙනවා මම මග අගුළු දාපු දොරවල් අරින්න.ඒවා විදින්න.ජීවිතේ කියන්නෙ මේ රේස් එක දුවන එක නෙමේ,ඒ රේස් එක අතර අපිට හම්බෙන වටින දේවල් විදින එක.

Written by : Rtr.Kalani Narmada

Co-Director Sports & Entertainment Evenue

This Post Has 5 Comments

  1. Nirmani Jayawardena

    Really love it ❤️

  2. Himaya

    Like it🥳

  3. Verosha Abeygoonewardena

    Nice one 🤭

  4. Jayani Navoda

    It is really nice.

  5. Sakura

    🤩🤩

Leave a Reply