You are currently viewing දිනන්නෝ අත් නොහරිති. අත් හරින්නෝ දිනයි ද?

දිනන්නෝ අත් නොහරිති. අත් හරින්නෝ දිනයි ද?

   ‘දැවෙන ආශාවක් ජයගත් අභිප්‍රායක්’

නමින් ඔටාරා  ඩෙල් ගුණවර්ධන වන ඇය ශ්‍රී ලාංකික ව්‍යාපාරිකාවක හා දානපතිනියකි.ඇය සිය කාර්යයන් තුලින් ශ්‍රී ලංකාවේ වගකිව යුතු ව්‍යවසායකත්වය සහ පරිත්‍යාගශීලිත්වය වෙනුවෙන් අඛන්ඩව කැපවී සිටින්නී ය. 1964 අගෝස්තු 30වන දින උපත ලැබූ ඇය, සිදු කරන සෑම කටයුත්තක්ම ගෞරවනීය ලෙස සිදු කිරීමට පෙළඹුණා ය. ඇය කුඩා කළ පටන්ම ක්‍රීඩාවට දස්කම් දැක්වූවා ය. ඇය සිය උසස් අධ්‍යාපනය සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔහියෝහි බෝලිං ග්‍රීන් රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ජීව විද්‍යාව හැදැරීය.

ඇය  උසස් අධ්‍යාපනය නිම කිරීමත් සමගම විලාසිතා ලෝකයට පියමැනීම හරහා  ශ්‍රී ලංකාවේ ඇගලුම්  නිෂ්පාදනය කිරීම කෙරෙහි දැක්වූ ඇල්ම හේතුවෙන් ඇය ඇගලුම් නිෂ්පාදන ව්‍යපාරයක් ආරම්භ කළ අතර වර්ෂ 1989 දී ඇය සිය පෞද්ගලික මෝටර් රථයෙන් ගොස් ඇදුම් විකීණීම ආරම්භ කළාය. එහි වූ සීඝ්‍ර දියුණුව හේතුවෙන් වැඩිකල් නොගොස් ඇගේ උනන්දුව හා කැපවීම හේතුවෙන් ඇගේම වෙළදසැලක් ඔඩෙල් යන නාමයෙන් ස්ථාපනය කෙරිනි. එයින් ඇරඹි ඔඩෙල් වෙළදසැල ඔටාරා ගුණවර්ධනයන් විසින් දිවයින පුරා විවෘත කළ අතර එය අවසන් වූයේ රටේ පළමු දෙපාර්තමේන්තු ගබඩාව වන කොළඹ 7හි ඔඩෙල් අන්ලිමිටඩ් නමින් ප්‍රමුඛතම වෙළදසැලෙනි.

දිනක් ඇය පීටර්සන් පටුමගේ ඇවිදන් යන විට ඇයට අතහැර දැමූ බලු පැටවෙකු හමු විය. ඇය  එම බලු පැටියාට නිකෝ යන නම ලබාදුන්නා ය. එහෙයින් 2007දී ශ්‍රී ලංකාවේ එම්බාර්ක් සන්නාමයෙහි නිල ලාංඡනයද එය ම විය. තවද ශ්‍රී ලංකාවේ නොසලකා හරින ලද වීදි සුනඛයින් බේරා ගැනීම, පුනරුත්ථාපනය කිරිම ,වෙරළ පිරිසිදු කිරීම, වනජීවී සංරක්ෂණ ව්‍යපෘති සදහා අරමුදල් සපයමින් දිවයින පුරා ධනාත්මක වෙනසක් හා දැනුවත් කිරීමක් සිදු කිරීමට ඇය කැප වූවා ය. මේ හෙයින් ඔටාරා ගුණවර්ධන මහත්මිය, ‘ඔඩෙල්’ පොදු වගකීම් සමාගමක් බවට පරිවර්තනය කිරීම, කොළඔ කොටස් වෙළදපොලේ ලැයිස්තුගත කළ පළමු විලාසිතා සිල්ලර  වෙළද නාමය සහ ශ්‍රී ලංකාවේ සමාගමක් ප්‍රසිද්ධියට පත් කළ පළමු කාන්තා ව්‍යවසායිකායව බවට පත් විය.

මන්තිමා චතුනි (Prospect) Rota Tomorrow Team Female

Leave a Reply