You are currently viewing පිට කොක්ක

පිට කොක්ක

ජීවිතේ විඳි සොදුරුතම ඒ

දින ගණන්  මගෙ හිත තියා…

මතක ගොන්නක් කැටිව ඇත නුඹෙ

මුදු  සුවඳ උණුසුම් ආලය පුරා…

කැලණි කන්දත් තරණය කරමි මම

නුඹේ සෙනෙහස සිත් දරා…

පාලුවක් නැත්තෙමත් නෑ නුඹ

නොමැති සරසවි බිම පුරා…

දහස් ගණනක් මිතුරො සිටියද

දැනෙන තනිකම පවසලා…

අවැසි නෑ මට නුඹෙ දෑස්

කඳුළින් තෙමන්නට සිත තලා…

මගේ දෙනෙතට කඳුළු ඉනුවද

පිසලගමි නුඹ ගැන සිතා…

ඉතින් ඉවසමි දැනෙන පාලුව

පොත් මිටියටම යට වෙලා…

දෑත් පටලා නුඹ සමඟ  තල්වැටේ

ඉන්නට හිස උරහිස තියා…

සැබෑ නොවනා සිහිනයකි එය නුඹ

සරසවි බිමට පිටකොක්කක් නිසා…

ඇස් කඩාගෙන නුඹව සොයනවා

පුරුද්දට මෙන් දිනපතා…

නුඹ නැතුව නුඹ එක්ක ඇවිදිමි

සිතින් නුඹ මා ළග තියා…

ආලෙකට වැඩි සෙනෙහසක් දෙන නුඹ

කුමර බඹසර රකිනා නිසා…

මමත් රකිනවා කුමරි බඹසර

සිව්වසක් නුඹටම පේවිලා…

~Rtr. Kulesha Rashmini

+ posts

Leave a Reply