You are currently viewing ඇය…

ඇය…

නොදත් හරය මා උවටැන් කලා සිත

කඳුළු ඇතිව අතපත ගෑ දසන් නෙත

සුහුඹුලයන් රැක ගැනුමට ආ කඩුව අත

නොලද එකම සරනක්වත් ඇයට නැත

සමුදුරු යැයි මා හට සිතුනු වග

සෙනෙහස් දියරැලි වෙරලේ නිමක් නැත

දහසක් දෙනාගේ ගරු බුහුමනට වෙත

ඇය නම් උතුම් දෙවගනකි මා ලොව දැකි එකම කත

දිනක උදාවත් විටකදී ඈ නොදත් වග

රාත්‍රියේදී වරුවක් වෙහෙස වෙත

කඩිසර ගමනකින් ඈ දැන් ගමන් යත

අපමණ වැඩ වලින් ඇය හට නිමක් නැත

නිවන් පුරයේ මග කියනා ඇය

තෙත් වූ සිත් ඇති පින්බර වූ ලය

සනුහරයේ රුවන් පුරය සදනා සෙය

නිවන් දකීවා මිහිබට සුර ලිය

මිලකල නොහැකි අමිල වූ සේවයකි

කොපමණ වැඩ කළත් පඩිනම් ඇයට නැති

ලෝකෙම බර දරා සිටියත් කමක් නැති

අම්මා නමින් ඇය ජීවන ගමන යති

Leave a Reply