You are currently viewing ජෛව ඉන්ධන: පොසිල ඉන්ධන සඳහා තිරසාර විකල්පයක්

ජෛව ඉන්ධන: පොසිල ඉන්ධන සඳහා තිරසාර විකල්පයක්

වර්තමානය වන විට මුලු ලෝකය පුරාවටම ආන්දෝලනාමක ලෙස සාකච්ඡාවට ලක්වන මාතෘකාවක් ලෙස ජෛව ඉන්ධන හැඳින්විය හැකිය. සරලව ජෛව ඉන්ධන යන්න බලශක්තිය උත්පාදනය සඳහා යොදා ගන්නා ස්වභාවික ජීවි හා ශාක කොටස් වල එකතුවක් ලෙස නිර්වචනය කල හැකිය.

පොසිල ඉන්ධන භාවිතයේ ඇති වන ඍණ බාහිරතාවයන් මග හැරී යාම, නිශ්පාදන පිරිවැය අවම වීම , පරිසර හිතකාමි වීම වැනි ප්‍රයෝජන රාශියකින් යුක්ත වන ජෛව ඉන්ධන භාවිතය තව දුරටත් පර්යේෂණයට ලක් වෙමින් පවති. දිනෙන් දින විචලනය වන තෙල් මිල ගනන් ගෝලිය උෂ්ණත්ව වෙනස්වීම් හා දේශගුණික හා කාලගුණික විපර්යාස ගෝලිය දේශපාලන අස්ථාවර විම් ඍජු හා වක්‍රාකාර ලෙස ජෛව ඉන්ධන වෙත කෙරෙන මිනිස් අවධානය වැඩි කිරීමට හේතුවේ.

අනාගත ලෝකය තුල බිහිවන ප්‍රබල ගැටලුවක් වන බලශක්ති අර්බුදය සඳහා විසඳුමක් ලෙස කරලියට පැමිණි ජෛව ඉන්ධන සංකල්පය මුලු මහත් ලෝකය පුරාවටම ඉමහත් පෙරලිකාරි තත්වයක් වර්තමානය වන විට සිදු කර ඇත. ජෛව ඉන්ධන ඉතිහාසය සලකා බලන විට මනුෂ්‍යයන් විසින් ගින්දර සොයා ගත් කාල සීමාව දක්වා අතීතයට විහිදි යයි. එහෙත් පොසිල ඉන්ධන භාවිතයට පැමිණිමත් සමග ජෛව ඉන්ධන භාවිතය අඩාල වූ අතර පසු කාලිනව ඇති වූ තත්වයන් හේතු කොට ගෙන ජෛව ඉන්ධන භාවිතය නැවත ක්‍රමයෙන් සාකච්ඡාවට බඳුන් විය. 2000 වර්ශයෙන් පසු නැවතත් අලුත් මානයක් විවර වූ ජෛව ඉන්ධන සංකල්පය කාලින ගැටලු හේතු කොටගෙන වැඩි අවධානයකට ලක් විය.

මෙතරම් කාලයක් ජෛව ඉන්ධන පර්යේෂණාත්මක මට්ටමේ පවතිනුයේ ස්ථාපිත කිරීමේ පිරිවැයන් අධික වීම, ලෝක ආහාර මිල ගනන් ඉහලයාම, මුලික ප්‍රාග්ධන පිරිවැයන් ඉහල වීම, ජීව ඉන්ධන නිපදවීමට යන බලශක්ති ඉහල වීම යනාදී කරුණු කාරණාවන් හේතු කොටගෙනය. ඉහත කි ගැටලුකාරි තත්වයන් සඳහා විසඳුම් තුලින් මෑත කාලින අනාගතයේදි ඇති විය හැකි උග්‍ර බලශක්ති අර්බුදය යම්තාක් දුරකට පහල මට්ටමකට ගෙන ඒමට හැකි වනු නොඅනුමානය.

ඒ සඳහා ගෝලිය පුරවැසියන් වන අප තව දුරටත් නවෝත්පාදන ක්‍රියාවලිය තුලින්‍ යන්ත්‍ර සූත්‍ර වල ඵලදායිතාවය ආදිය දියුණු කරමින් ජෛව ඉන්ධන වල කාර්යක්ශමතාවයන් වැඩි කර ගැනීම සඳහා කටයුතු කල යුතු අතර එය හුදෙක් වගකිමක් පමනක් නොව යුතුකමක්ද වන්නේය.

This Post Has One Comment

  1. Nishadi

    Good job

Leave a Reply