You are currently viewing නිල්වන් ක්ෂිතිජයෙන් ඔබ්බට…

නිල්වන් ක්ෂිතිජයෙන් ඔබ්බට…

තාක්ශණයේ දියුණුවත් සමග මෑතකාලිනව මානව ප්‍රජාව තුල ඇති වූ ප්‍රවණතාවක් ලෙස අභ්‍යවකාශ සංචාර හැඳින්විය හැකිය. අහ්‍යවකාශය පිලිබඳ උනන්දුවක් දක්වන ප්‍රධාන ආයතනයක් ලෙස ඇමරිකාවේ පිහිටි නාසා ආයතනය හැදින්විය හැකිය.

තාරකා විද්‍යාවේ හා අභ්‍යවකාශ විද්‍යාවේ මෑත කාලිනව ඇති වූ ප්‍රවර්ධනය හේතුවෙන් ජනතාව තුල පෘථිවිය හැර වෙනත් ග්‍රහලෝක තුල ජනාවස වීමට ඇති කැමත්ත, නව අත්දැකිම ලබා ගැනිමට ඇති කැමැත්ත,ශිඝ්‍ර ජනග්‍රහන වර්ධනය හේතුවෙන් ඇති වී ඇති සම්පත් ඌණතාවය යනාදිය හේතු කොට ගෙන අභ්‍යවකාශ සංචාරය නැමති සංකල්පය වර්තමානය වන විට පුලුල් ලෙස ව්‍යාප්තව ඇත.

අතිතයේ සඳ මත ජනාවාස ඇති කිරිමට දැරූ උත්සාහයන් මෑත කාලය වන විට අඟහරු ලෝකය තුල ජනාවාස ඉදි කිරිමට යොමු වීම මෙම ක්ශේත්‍රය තුල සිදු වූ සුවිශේෂි පෙරලියක් ලෙස හැඳින්විය හැකිය.

මෙවැනි වූ අභ්‍යවකාශ සංචාරයන් හි බාහිර සමාජයට විවෘත නොවූ ඉමහත් ප්‍රයෝජනයන් සේම සුවිශාල වූ අර්බුද තත්වයන් ද දැකිය හැකිය. ප්‍රයෝජනයන් ලෙස නව ක්ශේත්‍රයන් අධ්‍යාපනය කරා විවෘතවීම, අභ්‍යවකාශයේ වෙනස්කම් ඇසුරින් අනාගත අර්බුද හා තර්ජන පුරෝකතනය කල හැකි වීම, ජනාවාස ව්‍යාප්ත පුලුල් වීම, අනාගත ගැටලු සඳහා පිලියම් එනම් ඛණිජ තෙල් ආදිය සොයා ගැනිමට නව ග්‍රහලෝක තුල පර්යේෂණ කටයුතු සිදු කිරිම දැක්විය හැකිය.

මෙසේ වූ ඉමහත් ප්‍රයෝජන මෙන්ම ඉතාමත් දරුණු ආකාරයේ තර්ජනද අභ්‍යවකාශ සංචාරය තුලින් ඇතිවිය හැක. එවැනි තර්ජන අතර අභ්‍යවකාශ වායුගෝලය තුල වන විශමතා හේතුකොටගෙන ඇතිවන සමේ රෝග, ශ්වසන අපහසුතා ආදිය සරලව පෙන්වාදිය හැකිය.

කෙසෙ වෙතත් අභ්‍යවකාශ සංචාරය නැමැති සංකල්පය අනාගතයේ දී තව දුරටත් පුලුල් ක්ශේත්‍ර ඔස්සේ ව්‍යාප්ත වී විනෝදාත්මක ක්‍රිඩා ලෙසද දියුණු වන තරමට ප්‍රවර්ධනාත්මක ස්වරූපයක් වර්තමානය වන විට උසුලයි.

Leave a Reply