You are currently viewing PUBG හැදුන විදිහ ඔබ දන්නවාද?

PUBG හැදුන විදිහ ඔබ දන්නවාද?

වර්තමානයේ ඉතාමත් ජනප්‍රිය Microsoft Windows , Android , iPhone , Xbox , Play station වැනි Gaming platform වල වේගයෙන් ව්‍යාප්ත වූ PUBG ක්‍රීඩාවේ ආරම්භය හා ව්‍යාප්තිය පිළිබඳව ඔබ දැන සිටියා ද?

PUBG ක්‍රීඩාව ආරම්භයට පෙර පරිගණක ක්‍රීඩා වල සජීවී අත්දැකීමක් ලබා ගැනීමට විශාල වශයෙන් මිල අධික පරිගණක අවශ්‍ය විය. නමුත් ඒ වන විටත් Battle royal කියන සංකල්පය පැවතුනේ නැත. පසුව Death match island  නැතහොත් Battle Royal සංකල්පය මුලින්ම ලෝකයට හඳුන්වා දී තිබුණේ ජපානයේ 2000 වසරේ තිරගත වූ Batory Rowaiaru නම් චිත්‍රපටයෙනි. නමුත් මේම චිත්‍රපටය සෑහෙන්න කාලයක් ජපානයේ පමණක් තිරගත විය. පසුව 2008 වසරේ තිරගත වු Hunger Games නම් චිත්‍රපටය මේ ආකාරයේ චිත්‍රපටයක් විය. මෙම Hunger Games චිත්‍රපය ලෝකය පුරා ජනප්‍රිය වීමත් සමග මිනිසුන්ගේ සිත් තුළ මෙවැනි death match island  එකක් පිළිබඳව කුතුහලයක් ඇති වෙන්නට විය. එම නිසා PUBG වැනි ක්‍රීඩාවක අවශ්‍යතාවයන් video game ක්‍රීඩකයන්ට දැනෙන්නට විය.

ඒත් සමඟම කරලියට ආ අයර්ලන්ත ජාතික Brendan Greene විසින් PUBG ක්‍රීඩාව ලෝකයට හඳුන්වා දෙන්නට සමත් විය. Brendan Greeneගේ ඉතිහාසය ඉතාමත් කටුකය. කුඩා කාලයේ සිටම ඔහුගේ දෙමව්පියන් අතර නිතර ඇතිවූ රණ්ඩු නිසා Greene විශාල මානසික පීඩනයකින් සිටි අයෙකි. එම හේතුන් නිසාම ඔහු වීඩියෝ ක්‍රීඩා වලට ඇබ්බැහි විය. ඔහු විශ්වවිද්‍යාල උපාධියක් හැදෑරූ අතර එහිදී ද ඔහු තම අධ්‍යාපනය සඳහා වැඩි රුචිකත්වයක් දැක්වූයේ නැත. කාලයත් සමග ඔහු ඡායාරූප ශිල්පියෙක් ලෙස තම වෘත්තීය ජීවිතයට ආරම්භය දුන් අතර විවාහයෙන් පසුව ඔහු ඡායාරූප ශිල්පියෙකු වශයෙන් බ්‍රසීලයට ගියේය. එහිදී ඔහු ඡායාරූප ශිල්පයට අමතරව graphic designer කෙනෙක් වශයෙන් ද කටයුතු කළේය. ඔහු මුලින් ඉතාමත් සතුටින් බ්‍රසීලයේ ජීවත් වූ අතර  බාල වියේ සිට ඔහු ඇබ්බැහිවී සිටී වීඩියෝ ක්‍රීඩා සෙල්ලම් කිරීමෙන් මිදීමට ඔහු අපොහොසත් විය. මේත් සමඟම ඔහුගේ බිරිඳ ඔහුව දික්කසාද කළ අතර එයින් කාලයකට පසුව ඔහුගේ ඡායාරූප ශිල්පී වෘත්තීයද ඔහුට අහිමි විය. පසුව නැවතත් අයර්ලන්තයට ගිය Greeneට කාලයක් අයර්ලන්තයේ ආදායමක් නැති සමෘද්ධී ලාභියෙක් වශයෙන් ජීවත් වීමටත් සිදුවිය. එම කාල වකවානුවේදී ඔහු වීඩියෝ ක්‍රීඩා නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දැනුම අන්තර්ජාලයෙන් ලබාගෙන ඔහු වීඩියෝ ක්‍රීඩා නිර්මාණය කිරීම ආරම්භ කළේය. ඔහු ඡායාරූප ශිල්පියෙකු වශයෙන් ලබාගත් දැනුම , ලෝකයේ විවිධ වර්ණ පිළිබඳව ඔහුට ඇති දැනුම උපයෝගී කරගෙන ඔහු පරිගණක ක්‍රීඩා නිර්මාණය කළේය. ඒ අතරින් ARMA සහ DAYZ යන ක්‍රීඩා ලෝකය පුරා ජනප්‍රිය වන්නට විය. මොහුගේ වීඩියෝ ක්‍රීඩා වල තාත්වික බව රැක ගැනීම සඳහා මොහු ඉතාමත් සියුම් භෞතික විද්‍යා න්‍යායන් යොදා ගැනීමට කටයුතු කර ඇත. මෙම ක්‍රීඩා ජනප්‍රිය වීමත් සමග SONY ආයතනය විසින් ඔහුට එම ආයතනයේ රැකියාවක් ලබා දෙන ලදී.              

කාලයක් SONY ආයතනයේ සේවය කිරීමෙන් පසුව එයින් ඉවත් වී Greene කොරියාව බලා පිටත් විය. මෙම ගමන ලෝකයේ වීඩියෝ ක්‍රීඩා නව මාවතකට යොමුකිරීමේ මූලාරම්භය විය. කොරියාවේ Game developer කෙනෙක් වන Kim Chang-Han නැමැති පුද්ගලයා ඔහුගේ ආයතනය වන Bluehole නම් ආයතනයේ ඔහු සමග කටයුතු කිරීමට Greene ට ආරාධනා කරන ලදී. Greene විසින් නිර්මාණය කරන ලද DAYZ නමැති ‍පරිගණක ක්‍රීඩාව ක්‍රී‍ඩා කිරීමෙන් පසු ඔහුටත් battle royal නමැති සංකල්පයට දැඩි කැමැත්තක් ඇති වී තිබිණි. ඔවුන් දෙදෙනාගේ අදහසුත් සමග ඔවුන්ගේ සැලසුම වූයේ මෙවැනි වීඩියෝ ක්‍රීඩාවක් අවුරුද්දක් ඇතුලත නිර්මාණය කර නිකුත් කිරීමටයි. 2016 වසරේ මැද භාගයේ PUBG ක්‍රීඩාව නිර්මාණය කිරීම ආරම්භ කළ අතර ඔවුන්ගේ අරමුණ වූයේ මුලින් අඩු මුදලකට මෙම ක්‍රීඩාව ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදී කාලයක් සමග මෙය වැඩි දියුණු කිරීමටයි. අවසානයේ 2017 මාර්තු 23 දින PUBG ක්‍රීඩාව නිල වශයෙන් නිකුත් කරන ලදී.

(Brendan Greene and Kim Chang Han)

ආරම්භයේ දී ඩොලර් 20 ක් වැනි සුළු මුදලකට මෙම ක්‍රීඩාව ‍ක්‍රීඩා කිරීමට ඔවුන් අවස්ථාව ලබා දිය. මෙම ක්‍රීඩාවේ විශේෂය වන්නේ වෙනත් පරිගණක ක්‍රීඩා මෙන් පරිගණකයක් විසින් හසුරුවන තරගකරුවන් නොවීමයි. ඒ සඳහා එම ක්‍රීඩකයන් සමඟ තරග කරන්න ද  ඔහු වැනිම PUBG ක්‍රීඩාව ක්‍රීඩා කරන තරඟකරුවෙකු වීමයි තව ද මෙය ජංගම දුරකථන මාර්ගයෙන් ක්‍රීඩා කළ හැකිවීම නිසා තව තවත් මෙම ක්‍රීඩාව ලොව පුරා ජනප්‍රිය විය. මාස 4ක් වැනි කාලයකදී ක්‍රීඩා වාර මිලියන දහයක් සිදුවී තිබුණි. දින තුනක් වැනි කෙටි කාලයකින් ඩොලර් මිලියන 11ක් උපයා ගැනීමට PUBG ආයතනය සමත්විය. ආරම්භයේ දී මෙම ක්‍රීඩාව තුළ එක සිතියමක්, එක mode එකක් සහ ගිනිඅවි සුළු ප්‍රමාණයකින් ආරම්භ කරන ලදී. එවකට ලෝකයේ ජනප්‍රියම වීඩියෝ ක්‍රීඩා වශයෙන් තිබූ DOTA 2 & League Of Legends වැනි ක්‍රීඩා පසුකරමින් PUBG ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩා බවට පත් විය. පරිගණක ක්‍රීඩාකරුවන්ට තම දක්ෂතාවය පෙන්වීම සඳහා එවකට සාදා තිබූ E Sports නම් තරගාවලියට PUBG ක්‍රීඩාව මාස තුනක් වැනි කෙටි කාලයකින් ඇතුලත් වීමට සමත් විය. ඒ පළමු තරගාවලිය ESL ආයතනය විසින් පවත්වන ලදී.
මෙම ක්‍රීඩාවේ ජනප්‍රියත්වයට හා සුවිශේෂීත්වය ට හේතු ලෙස ඉතාමත් තාත්වික ලෙස මේ නිර්මාණය කර ඇති අතර සජීවී ලෝකයට බොහෝ සේ සමානවන ආකාරයට මේ නිර්මාණය කර ඇත. තවද මෙහි සිතියම් වල නම් පවා සඳහන් කිරීමේදී මතකයන් තුලට රැගෙන යාමට සමත් වන ආකාරයට මෙහි ස්ථාන නම් කර තිබේ. වර්තමානයේ මෙම ක්‍රීඩාවේ සිතියම් පහක් modes ගණනාවක් සහ ගිනිඅවි විශාල ප්‍රමාණයක් අන්තර්ගත කොට තිබේ. තවද මෙම ක්‍රීඩාව ප්‍රචාරණය කිරීම සඳහා ඔවුන් තෝරා ගත්තේ වෙනස්ම ක්‍රමයකි ඔවුන් ඒ ලෝක ප්‍රසිද්ධ Gamers සහ Youtubersලා සදහා විශාල මුදලක් ලබා දී ඒ හරහාය. වර්තමානයේ PUBG ක්‍රීඩාවෙන් ආභාෂය ලබාගෙන Apex Legends COD mobile වැනි වීඩියෝ ක්‍රීඩා නිර්මාණය වී තිබේ.

2023 වනවිට PUBG ක්‍රීඩාව ලොව පුරා ක්‍රීඩකයන් මිලියන 500ක් ක්‍රීඩා කරයි. තවද දවසකට මිලියන තුනක් පමණ ක්‍රීඩකයන් ක්‍රීඩා කරයි. PUBG ක්‍රීඩාව වැඩියෙන්ම ක්‍රීඩා කරන රටවල් පිළිවෙළින් චීනය ඉන්දියාව ඇමරිකාව ලෙස දක්වා තිබේ. නමුත් එක් වරකට PUBG ක්‍රීඩාව ක්‍රීඩා කරන ක්‍රීඩකයන් වැඩි වශයෙන් ඉන්දියානුවෝ වෙති. කෙසේවෙතත් 2023 වන විට Free fire ක්‍රීඩාව PUBG වලට වඩා ඉදිරියට ඒමට සමත් වී තිබේ.

Leave a Reply