You are currently viewing මාසික යාවත්කාලීන කිරීම – නොවැම්බර් 2021

මාසික යාවත්කාලීන කිරීම – නොවැම්බර් 2021

කැලණිය විශ්වවිද්‍යාලයේ රොටරැක්ට් සමාජයේ 2021-22 වාරයෙහි නොවැම්බර් මාසය කාර්යබහුල කාල පරිච්ජේදයක් වූ අතර හැකි සැම ආකාරයකින් ම ප්‍රජාවට සේවය කිරීම උදෙසා සිදු කරන ලද ව්‍යාපෘති රාශියක්ම මාසය පුරාවට ම ක්‍රියාත්මක විය.Community Service Avenue විසින් “Little Hands” ව්‍යාපෘතිය, International Service Avenue විසින් “Athena” ව්‍යාපෘතිය , Professional Development Avenue විසින් “View Me” Member Relation Avenue විසින් “Avoid Delta” ව්‍යාපෘතියෙහි තෙවන අදියර හා Club Service විසින් “Together SL” ව්‍යාපෘතිය සිදු කරන ලදී.එමෙන්ම Editorial Team,Public Relation Team හා Digital Media Team මගින් ද සිදු කළ තවත් කැපී පෙනෙන ක්‍රියාකාරකම් රාශියකින් RACUOK දින දර්ශනය පිර වූ අතර ඒ සියල්ලම අති විශාල වූ වෙහෙස මහන්සියක අග්‍රඵලය වේ.

නොවැම්බර් මස 12 වැනිදා Athena සඟරාව සාර්ථකව එළිදැක්වූ අතර නොවැම්බර් 11 දින එහි පළමු පිටපත කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ  මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය වෙත භාර දෙන ලදී.කැලණිය විශ්වවිද්‍යාලයේ රොටරැක්ට් සමාජය නොවැම්බර් මාසයෙහි දින දෙකක් ඒ අයුරින් සිය මතක  මතක පොතට එක් කරගන්නා ලද අතර සඟරාව එලි දැක්වීමේ උළෙල අන්තර්ජාලය ඔස්සේ මහත් උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී. International Service Avenue විසින් සිය සඟරාවේ ප්‍රවර්ධන කටයුතු මාසය පුරා අඛණ්ඩව සිදු කළේ අපගේ ම රොටරැක්ට් සමාජිකයින්ගේ ඇති විශිෂ්ට ලිපි ප්‍රසිද්ධියට පත් කරවමිනි.

දිවයින පුරා විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයන්ගේ සිහින සැබෑ කිරීම සදහා සම්මුඛ පරීක්ෂණයන්ට මුහුණ දීමේ අත්දැකීමක් ලබා දීම සදහා Professional Development Avenue විසින් “View Me” ව්‍යාපෘතියේ දෙවන අදියර ඔවුන් අඛණ්ඩව සිදු කරන ලදී.ඔවුනොවුන්ගේ අධ්‍යන ක්ෂේත්‍ර වලට සමගාමිව එම ව්‍යාපෘතිය සිදු කරන ලද අතර එහිදී කළමනාකරණ අභ්‍යාසලාභී, දත්ත විශ්ලේෂක , රසායන විද්‍යා හා ජීව විද්‍යා ආදී ක්ෂේත්‍ර පාදක කර ගනිමින් ආදර්ශ සම්මුඛ පරීක්ෂණ නොවැම්බර් මස 27 වන දින පවත්වන ලදී.

රොටරැක්ට් දිස්ත්‍රික්ක 3220 යටතේ ආරම්භ කරන ලද “Stop the spread beyond covid 19” ව්‍යාපෘතියට සමගාමිව Community Service Avenue විසින් සිදු කල “Little Hand” ව්‍යාපෘතියේ පළමු අදියර නොවැම්බර් 1 දින සිට නොවැම්බර් 26 දක්වා පවත්වන ලදී.වසංගතය හේතුවෙන් වසා දැමුණු පාසල් නැවත විවෘත කිරීම හා ඒ සදහා අවශ්‍ය සෞඛ්‍ය උපකරණ ලබා දීම මෙන්ම  ත්‍යාග බෙදා දීමෙන් සිසුන් දිනපතා පාසල් පැමිණීමට උනන්දු කරවීම මෙම ව්‍යාපෘතියේ අරමුණු විය.මෙහි පළමු අදියර නොවැම්බර් මස 26 වන දින කටුකුරුන්ද ශාන්ත මරියා විද්‍යාලයේදී covid 19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සාර්ථකව අවසන් කරන ලදී.

Editorial Team විසින් නොවැම්බර් මාසය පුරා සියලු විශේෂ දින ආවරණය කරමින් විශේෂ දින සදහා අදාළ ලිපි මාලාව සියලු සංරචකයන්ට හා පරිවර්තනයන්ට අනුකුලව සිදු කරන ලදී. තව ද Editorial Team විසින් සියලුම සාමාජිකයන්ගේ දැනගැනීම සදහා RACUOK බ්ලොග් අඩවියේ ක්ෂේත්‍ර පුළුල් කරමින් රොටරි කේන්ද්‍රීය ප්‍රදේශ හා එක්සත් ජාතීන්ගේ තිරසාර ඉලක්ක 17 විස්තර කිරීම සදහා බ්ලොග් අඩවිය වෙත නව අංශ දෙකක් එක් කරන ලදී.

Club Relation Avenue විසින් තවත් දිස්ත්‍රික් රොටරැක්ට් සමාජ 11 ක් හා සම්බන්ධ වෙමින් මීගමු කලපු ප්‍රදේශය පිරිසිදු කිරීම සදහා ඒ අවට අවශ්‍ය ස්ථානයන්හි කැළි කසළ බදුන් සවි කිරීම සදහා “Together SL” ව්‍යාපෘතිය සිදු කරන ලදී.මෙහි පළමු අදියර වශයෙන් Club Relation Avenue හි සාමාජිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් නොවැම්බර් මාසයේදී මීගමු කලපුව අවට ප්‍රදේශයේ සංචාරයක නිරත වන ලදී.

මෙම සියලු ව්‍යාපෘති සමගින් ජනප්‍රියතම කාණ්ඩයට අදාළ “What If” නම් කෙටිකතා තරගය නොවැම්බර් 23 සිට 25 දක්වා පවත්වන ලදී.”What If” නම් කෙටිකතා තරගය මගින් නිර්මාණාත්මක කෙටිකතා රචනයට නව ප්‍රවේශයක් එක් කළ  අතර ම එමගින් ලේකඛයන්ට සිය අසීමිත පරිකල්පන හැකියාව සමග නවමු මාවතකට යොමු වීමට අපුරු අවස්ථාවක් උදා කරදෙන ලදී.මෙය තරුණ ලේඛක ලේඛිකාවන්ට නව ආශ්වාදයක් ඇතිකර දෙන ලදී.

Member Relations Team විසින් ප්‍රාදේශීය මාතෘ සායන ප්‍රතිසංස්කරණය කොට අවශ්‍ය ආධාර සැපයීම හා අවශ්‍යතා ඇති තෝරාගත් මව්වරුන්ට ප්‍රසුත ද්‍රව්‍ය බෙදා දීමේ ව්‍යාපෘතියේ  තෙවන අදියර සාර්ථකව අවසන් කරන ලදී.Colombo Uptown හි රොටරැක්ට් සමාජයේ 100,000/= ක දැවැන්ත මුල්‍ය අනුග්‍රහය ඇතිව රුපියල් 170,000/= ක් වටිනා භාණ්ඩ බෙදා දුන් අතර සංවිධායක මණ්ඩලයේ උත්සාහයෙන් රුපියල් 70,000/= ක මුදලක් සපයා ගන්නා ලදී.

නොවැම්බර් මාසය සදහා වූ මහා සභා රැස්වීම නොවැම්බර් මස 30 වන දින රොටරැක්ට් සමාජයේ සාමාජික සාමාජිකාවන්ගෙන් යුක්තව පැවැත් වූ අතර එහිදී Directors of the month, Avenues of the month, Members of the month, Team leaders of the month හා Most enthusiastic member of the month තෝරා පත් කරගන්නා ලදී.සමාජයේ අභිවෘද්ධිය උදෙසා එක්ව මහන්සි වී වැඩ කිරීම හා ඒ සදහා ගත් උත්සාහය සමරමින් වැඩ කටයුතු අවසන් කරන ලදී.

~ Written by : Rtr. Venuri Bandara Rtr. Vishwanee Alahakoon ~

Leave a Reply