You are currently viewing මොකක්ද මේ ඩෙල්ටා (B.1.617.2) ප්‍රභේදය?

මොකක්ද මේ ඩෙල්ටා (B.1.617.2) ප්‍රභේදය?

පසුගිය වසරේ මුල් භාගයේදී ලෝකය පුරා පැතිරුණු කොවිඩ් වසංගතය මේ වන විට තුන්වන රැල්ලක් ආකාරයට සාමාන්‍ය ජන ජීවිතයට විශාල බලපෑමක් කර තිබෙනවා . බලවත් රටවල් වල සිට තුන්වෙනි ලෝකයේ දුප්පත් රටවල් වලටත් එක විදියට බලපෑම් කරන්න මේ වසංගතය සමත්වෙලා තිබෙනවා. මේ වසරේ ජූනි 19 වෙනිදා වෙනකොට ලෝ පුරා මිලියන 340කට වැඩි පිරිසක් ගොදුරු කරගෙන තියන මේ වෛරසය, මිනිස් ජීවිත මිලියන 3.9ක් ද බිලිගෙන තිබෙනවා.

People wearing protective masks walk at Hong Kong Station of MTR in Hong Kong, China, on Tuesday, Feb.11, 2020. Photographer: Paul Yeung/Bloomberg (s) (https://www.scmp.com/news/hong-kong/health-environment/article/3052883/coronavirus-hong-kong-publish-list-building)

මේ දවස්වල ලෝකයේ විවිධ රටවල් වල පැතිරෙමින් යන අලුත්ම කොවිඩ් වෛරස් ප්‍රභේදය තමයි ඩෙල්ටා ප්‍රභේදය කියන්නෙ. සෞඛ්‍ය අංශ වාර්තා කරන විදියට පසුගිය ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේ මහාරාෂ්ත්‍ර ප්‍රාන්තයේ තමයි මුල් වරට මේ ප්‍රභේදය මතුවුණේ. අනෙක් කොවිඩ් වෛරස් ප්‍රභේද වලට වඩා ඉතා වේගයෙන් පැතිර යන ඩෙල්ටා ව්‍යාප්තියේ බරපතලකම සලකා බලා 2021 මැයි මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඩෙල්ටා  ප්‍රභේදය Variant of Concern අවදානම් අවස්ථාවට ඇතුලත් කළ බව ප්‍රකාශ කළා.  

නව ප්‍රභේදය විශාල ලෙස ජාන විචලතාවයන්ට ලක්වෙනසුලු බවත්, වෛරසය ශරීරගත වූ පසු මිනිස් සෛල සමඟ සම්බන්ධ වී ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලින් මිදීමට හැකි බවත් ලන්ඩන් නුවර ක්වීන් මේරි සරසවියේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය දීප්ති ගුර්දසානි ප්‍රකාශ කර තිබෙනවා.

මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය ලෝ පුරා රටවල් 80කට ව්‍යාප්ත වෙලා තියනවා. ඉන්දියාවට, එක්සත් රාජානියට සහ ඇමෙරිකා එක්සත් ජනපදයට ඩෙල්ටා නිසා විශාල බලපෑමක් එල්ල වී ඇති බව අන්තර්ජාතික මාධ්‍යය වාර්තා කර තිබෙනවා. 

ඒ වගේම ඩෙල්ටා ප්‍රභේදය සම්ප්‍රේෂණය වීමේ හැකියාව බ්‍රිතාන්‍යයේ මුලින් පැතිරුනු ඇල්ෆා ප්‍රභේදයට වඩා 64% කින් පමණ වැඩි බවත් ඔවුන් ප්‍රකාශ කළා. වඩා භයානක කරුණ වන්නේ කොවිඩ් එන්නත් ලබාගත් අයට සහ මුල් කාලීන කොව්ඩ් ප්‍රභේද වැළඳී සුවවූ අයට පවා ඩෙල්ටා ප්‍රභේදය වැළඳීමට හැකියාවක් ඇති බව අනාවරණය වීමයි. 

තවත් අවදානය යොමු කල යුතු කරුණක් වන්නේ ඩෙල්ටා ප්‍රභේදය වයස් භේදයකින් තොරව වැළඳීමට ඇති හැකියාවයි. ලොව පුරා බොහෝ කුඩා සහ තරුණ ප්‍රජාව ඩෙල්ටා වයිරසයට ගොදුරු වීමේ සම්භාවිතාව වැඩි වුනත්, මේ වනවිට මැදි වයස් වල පුද්ගලයන් අතරත් ඩෙල්ටා ආසාදනය වීම සිදුවන බව අන්තර්ජාතික මාධ්‍යය වාර්තා කරනවා.

PHE මධ්‍යස්ථානය ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ඩෙල්ටා ප්‍රභේදය පාලනයට යෝග්‍යම එන්නත් දෙක බව අනාවරණය කළා. එම එන්නත්  ලබාගත් පුද්ගලයින්  ඩෙල්ටා වලින් ආරක්ෂා වීමේ ප්‍රතිශත පහත පරිදි වේ.

එන්නත් ඵලදායිතාව (Vaccine Effectiveness)

ෆයිසර් පලමු මාත්‍රාව        36%

ෆයිසර් දෙවන මාත්‍රාව       88%

ඇස්ට්‍රාසෙනිකා පලමු මාත්‍රාව         30%

ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව        67%

ඩෙල්ටා ප්‍රභේදයේම තවත් අනු ප්‍රභේදයක් ආසාදනය වූ රෝගීන් මේ දිනවල ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින් වාර්තා වූ බව හින්දුස්තාන් ටයිම්ස් පුවත් පත වාර්තා කර සිටියා. ඩෙල්ටා ප්ලස් යන නමින් හැඳින්වෙන මේ අනු ප්‍රභේදය තවමත් ගෝලිය වශයෙන් හෝ කුඩා පොකුරු වශයෙන් ව්‍යාප්ත වූ බවට තොරතුරු මේ වනවිට ලැබී නැතැයි ඔවුන් ප්‍රකාශ කරනවා. ඒ අනුව තවමත් එය මුලින් සඳහන් කල අවදානම් අවස්ථා තුනට (VOI, VOC) ඇතුලත් කර නැහැ.

සාමාන්‍ය කොරෝනා වෛරස රෝග ලක්ෂණ වලට වඩා බරපතල අතුරු ආබාධ සහ රෝග ලක්ෂණ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ අයෙකුගෙන් දිස්වෙනවා. සෙම්ගෙඩි, හුස්ම ගැනීමේ අපහසුතා, සෙම්ප්‍රතිශ්‍යාව පමණක් නොව, මස්පිඩු ආබාධ, පාචනය සහ ආහාර රුචිය නොමැති වීම වැනි රෝග ලක්ෂණ රැසක් ඒ අතර වෙනවා. ආසාදිතයින් රෝහල්ගත කලයුතු ප්‍රවණතාවයද ඇල්ෆා සහ කලින් තිබුන ප්‍රභේද වලට වඩා ඉහල අගයක් ගන්නවා.   

ශ්‍රී ලංකාවෙන් ද ‘ඩෙල්ටා’ ප්‍රභේදය ශරීරගතවූ පුද්ගලයින් හඳුනාගැනීමත් සමඟ ජනතාව වඩාත් ආරක්ෂාකාරී වියයුතු බවත්, සෞඛ්‍ය නීති රීති වලට තදින් අනුගත වියයුතු බවත් මතක් කළ යුතු යි.

ඉන්දියාව තුළ ප්‍රථම වරට වාර්තා වූ ඩෙල්ටා ප්‍රභේදය ගාල්ල, මාතර ,යාපනය සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවලට ද ව්‍යාප්ත වී ඇති තිබෙනවා. කොවිඩ්-19 ට හේතු වන වෛරසය වන SARS-CoV-2 හි ඩෙල්ටා ප්‍රභේදයේ රෝගීන් බොහොමයක් ලංකාවෙන් සොයාගෙන ඇති අතර ශ්‍රී ලංකාව කොරෝනා වෛරසයේ තුන්වන රැල්ලට එරෙහිව සටන් කරමින් සිටිනවා. දිනකට මරණ 200 කට ආසන්න සංඛ්‍යාවකට අමතරව නව COVID-19 ආසාදිතයින් 4000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වනවා.

එම නිසා මේ උද්ගත වී තිබෙන අවදානම් තත්ත්වය යටතේ මෙයින් මිදීමට හැකි එකම මාර්ගය වන්නේ නිරෝධායන ඇදිරි නීතියට අවනත වෙමින් සෞඛ්‍ය උපදෙස්  අනුගමනය කිරීමයි.

Rtr. Sewwandi Rexmi Raveena (Member Relations Team)

Leave a Reply