ඇය අසල සිටි පිරිමියා ඔහුට හුරුපුරුදුය. ඊයේ traffic light එක ළඟ… ඉෂිනි සමඟ සිනාසෙමින් කතා කළේත් ඔහුමය. චානුකගේ ඇස් සිහින් විය.
“මේ මිනිහා මෙතනත්?” ඔහුට නොදැනුවත්වම අතේ තිබූ glass එක තදින් අල්ලාගත්තේය.
“Mr. Edirisinghe?” අසල සිටි ව්යාපාරිකයා ඔහුට කතා කළේය.
“Yes?”
“Shall we go and meet the host?”
“ඔයා යන්න.”
“ඔයා එන්නේ නැද්ද?”
“මං එන්නම්.” චානුකගේ දෑස් තවමත් ඉෂිනි වෙතය.
ඔහුට ඇය ළඟ සිටින අනෙක් ගුරුවරුන් පෙනුණේ නැත.
ඇය කතා කරන දේ ඔහුට ඇසුණේ නැත. ඔහුට පෙනුණේ එකම දෙයකි. ඉෂිනි සහ ඒ පිරිමියා…
හෝටලයේ විශාල ballroom එක පුරාම ආලෝකයන් දැල්වී තිබූ අතර, මෘදු සංගීතයක් පසුබිමින් ඇසුණි. එක් පසකින් ළමයින්ගේ සිනා හඬත්, අනෙක් පසින් වැඩිහිටියන්ගේ කතාබහත් එකට මුසු වී තිබුණි.ඉෂිනි තම පාසලේ ගුරුවරු කිහිපදෙනෙකු සමඟ කතා කරමින් සිටියාය. ගුරුවරු කිහිපදෙනාම සිටින තැනට පැමිණියේ උපන්දිනය සමරන දැරියගේ පියා වූ රවීන්ද්ර මහතාය.
ඔහු කොළඹ ප්රසිද්ධ ව්යාපාරිකයෙකු වූ අතර, චානුකගේ සමාගම සමඟ වසර ගණනාවක් තිස්සේ ව්යාපාරික සබඳතාවක් පවත්වාගෙන ගිය ප්රධාන ආයෝජකයෙකුද විය.
“අහ්… මේ ඉන්නෙ අපේ school teachers ටික නේ.” ඔහු සිනාසෙමින් ඔවුන් වෙත පැමිණියේය.
ඒ මොහොතේ ඔහුගේ දෑස් ටිකක් ඈතින් සිටි චානුක වෙත යොමු විය.
“අහ්… චානුකත් ඇවිල්ලා.” ඔහු ඉක්මනින් චානුක වෙත ගියේය.
“චානුක!”
“Mr. Perera.” චානුක ඔහු සමඟ අතට අත දුන්නේය.
“හරි හරි. Come, මම ඔයාව කට්ටියට introduce කරන්නම්.”රවීන්ද්ර මහතා චානුකව තමන් සමඟ රැගෙන ගියේය.
චානුක එතරම් උනන්දුවක් නොදැක්වූවත් ඔහු සමඟ ගියේය. නමුත් ඔහු ඉදිරියට ගිය මොහොතේම ඔහුගේ දෑස් නතර වූයේ ඉෂිනි ළඟය. ඇය තවත් ගුරුවරුන් කිහිපදෙනෙකු සමඟ සිටියාය.
චානුකගේ පියවර තත්පරයකට නතර වූ නමුත්, රවීන්ද්ර මහතා එය නොදැකම ඉදිරියට ගියේය.
“Everyone, මේ තමයි Mr. Chanuka Edirisinghe.” ඔහු business associates කිහිපදෙනෙකු දෙසට හැරුණි.
“ඔයාලා ගොඩක් දෙනෙක් මෙයාව දන්නවා ඇති. මගේ company එකේ biggest investment projects කිහිපයකට මේ gentleman එක්ක මම වැඩ කරනවා.”
“Nice to meet you.” චානුක එකිනෙකා සමඟ අතට අත දුන්නේය. ඉන්පසු රවීන්ද්ර මහතා අනෙක් පිරිස දෙසට හැරුණි.
“චානුක, මේ අපේ දුවගේ school ටීචර්ස්ලා.”
“මේ අපේ දුවගේ class teacher, Miss Ishini.”
චානුකගේ දෑස් එකවරම ඉෂිනි වෙත යොමුවිය. ඇයද ඔහු දෙස බැලුවාය. තත්පරයක් දෙදෙනාගේ දෑස් එකිනෙක හමුවිය. ඉෂිනිගේ මුහුණේ පුදුමයක් පැහැදිලිවම දිස්විය.
ඊයේ ඔහු තමන්ගේ party එකට යන එක ගැන කිසිම උනන්දුවක් නොදක්වා සිටියා යැයි සිතූ ඇය, ඔහුත් මෙහි සිටිනු ඇතැයි කිසිසේත්ම බලාපොරොත්තු වූයේ නැත.
රවීන්ද්ර මහතා කිසිවක් නොදැනම සිනාසුණේය.
“මේ තමයි චානුක මගේ business partner කෙනෙක් වගේම හොඳ friend කෙනෙක්.” ඉෂිනි සරලව සිනාසුණාය.
“අපි දන්නවා sir.” රවීන්ද්ර මහතා පුදුමයෙන් ඇය දෙස බැලීය.
“ඔයා දන්නවද?” ඉෂිනිට තවත් කියන්න දෙයක් තිබුණේ නැත. චානුක ඇය දෙස බලා සිටියේය.
අවසානයේ ඔහුම කතා කළේය.
“මේ මගේ wife.”
රවීන්ද්ර මහතාගේ මුහුණ තත්පරයකින් පුදුමයෙන් පිරීගියා.
“මොකක්?”
අසල සිටි ගුරුවරුන්ද එකිනෙකා දෙස බැලුවේ පුදුමයෙනි. ඉෂිනි නම් සිටියේ ලැජ්ජාවෙන් බිම බලාගෙන.
“මම දැනගෙන හිටියේ නෑනේ. Miss Ishini චානුකගේ wife කියලා!” ඔහු සිනාසෙමින් ඉෂිනි දෙස බැලීය.
“එහෙනම් මේක තමයි මම අහලා තිබ්බ පුදුම coincidence එක!”
“අපිත් අද තමයි දැනගත්තේ Missගේ husband කවුද කියලා.” ඉෂිනි ලැජ්ජාවෙන් සිනාසුණාය.
චානුක නම් නිහඬව සිටියේය. ඒ අතර රවීන්ද්ර මහතා ඔහුගේ business associates කිහිපදෙනා ගුරුවරුන්ට හඳුන්වා දෙන්නට පටන් ගත්තේය.
“මේ Mr. Fernando. මේ Mr. Jayasinghe. මේ අපේ investment team එක.”
ඉන්පසු ගුරුවරුන් දෙසට හැරී, “මේ අය තමයි අපිත් එක්ක business side එකේ වැඩ කරන අය.” සියල්ලෝම සුහදව එකිනෙකා සමඟ කතා කරන්නට පටන් ගත්හ.
චානුකගේ දෑස් නම් නැවතත් ඉෂිනි වෙත ගියේය. ඇය තම පාසලේ අනෙක් ගුරුවරුන් සමඟ සිනාසෙමින් කතා කරමින් සිටියාය. එවිට දිනුකද එතැනට පැමිණියේය.
“Sir, cake cutting එකට තව විනාඩි දහයක් වගේ තියෙනවා.”
“හරි, දිනුක.” රවීන්ද්ර මහතා සිනාසුණේය.
“ඔයාලා teachersලාට cake table එක බලන්න පුළුවන් නේද?”
“Sure, sir.” දිනුක ඉෂිනි දෙස බැලීය.
“ඉෂිනි, ඔයාට මට උදව් කරන්න පුලුවන් ද”
“හරි.” ඉෂිනි ඔහු සමඟ යන්නට හැරුණාය.
ඒ මොහොතේ චානුකගේ මුහුණේ තිබූ සිනහව සෙමින් අතුරුදන් විය. ඔහුට මතක් වූයේ traffic light එක ළඟ දුටු ඒ දසුනයි. නමුත් අද ඔහු දැනගත්තේ දිනුක ඇගේ school එකේ teacher කෙනෙකු බවය. එය ඔහුගේ සැකය අඩු කළ යුතුව තිබුණි. එහෙත්…ඒ වෙනුවට ඔහුගේ හිතේ තිබූ අමුතු නොසන්සුන්කම තවත් වැඩි විය.
“ඒ කියන්නේ මං ඊයේ දැකපු එකත්…” ඔහු සිතුවේය.
“ඒ මිනිහා එක්කම තමයි.” චානුකගේ දෑස් ඉෂිනි යන දිශාවටම රැඳී තිබුණි.
ඔහුට තේරුණේ නැත… ඇය තමන්ගේ බිරිඳ ලෙස හඳුන්වා දුන් මොහොතේ තමන්ගේ හිතට දැනුණු ඒ අමුතු සතුටත්,
ඇය වෙනත් පිරිමියෙකු සමඟ සිනාසෙමින් සිටින විට දැනුණු ඒ කෝපයත්, එකම හැඟීමක පැති දෙකක් බව.
Cake cutting එක අවසන් වූ පසු ගුරුවරු කිහිපදෙනා එකතු වී කතා කරමින් සිටියහ.
“ඉෂිනි, ඔයා අද හරි ලස්සනයි.” එක් ගුරුවරියක් පැවසුවාය.
“Thank you.” ඒ අතර දිනුක ඇය අසලට පැමිණ,
“Miss, අපේ student කෙනෙක් වගේනේ අද.”
“අනේ යන්න…” ඉෂිනි සිනාසෙමින් ඔහුට කිව්වාය. දුරින් සිටි චානුක ඒ දෙස බලා සිටියේය. ඔහුගේ business associate කෙනෙක් ඔහුගේ උරහිසට තට්ටු කළේය.
“Chanuka, what’s wrong?”
“Nothing.”
“ඔයාගේ attention එක මෙහෙ නෙවෙයි වගේ. “චානුක කිසිවක් නොකියා glass එක table එක මත තැබීය.
ඒ මොහොතේ රවීන්ද්ර මහතා නැවතත් ඔවුන් අසලට පැමිණියේය.
“චානුක, dinner එකට ඉන්න.
“මට නම් යන්න වෙනවා.”
“ඒත් ඔයාගේ wife තව ටිකක් ඉන්නවා කියනවා.
“චානුකගේ දෑස් ඉෂිනි වෙත ගියේය.
“මං.ඉන්නම්.”
“හරි.”
සාදය අවසන් වන විට රාත්රිය බොහෝ දුර ගොස් තිබුණි.
ඉෂිනි කාර් එකට නැග්ගාය.
“Sorry, ඔයාට ගොඩක් වෙලා බලන් ඉන්න වුණාද?”
“නෑ.”චානුක දුන්නේ කෙටි පිළිතුරක්.
කාර් එක නිහඬව ඉදිරියට ඇදෙද්දී…
“ඔයා school එකේ හැමෝම එක්කම ඔච්චර close ද?” චානුක ඇසුවේ ඇය දෙස බලමිනි. ඉෂිනි ඔහු දෙස බැලුවාය.
“හැමෝම එක්ක නෙවෙයි. අපි එකට වැඩ කරනවනේ. ඉතින් හොඳින් ඉන්නවා.”
“හ්ම්.”
“ඇයි?”
“Nothing.”
“ඔයාට අද ‘nothing’ කියන වචනය විතරමද කියන්න තියෙන්නේ.” චානුක ඇය දෙස බැලීය.
ඇය නැවතත් ජනේලයෙන් පිටත බලාගත්තාය. ඔහුගේ මුවේ නොදැනුවත්වම සිනහවක් මතු විය. නිවසට පැමිණි පසු ඉෂිනි සාරිය මාරු කරගන්න තම කාමරයට ගොස් පහළට එන විට චානුක සාලයේ laptop එක ඉදිරිපිට වැඩ කරමින් සිටියේය.
“ඔයාට coffee එකක් හදන්නද?” ඔහු හිස ඔසවා ඇය දෙස බැලීය.
“ඔයාට මහන්සි නැද්ද?” ඔහු ඒ ප්රශ්නය අසනු ඇතැයි ඇය බලාපොරොත්තු නොවීය.
“ටිකක්.”
“එහෙනම් යන්න. මට coffee ඕන නෑ.”
“හරි.” ඇය යන්නට හැරුණාය.
“ඉෂිනි.”
“හ්ම්?”
“අද… ඔයා ලස්සනයි.” ඔහු එය පැවසුවේ ඇය දෙස නොබලාය.
ඉෂිනි පුදුමයෙනි.
“මොකක්?” චානුක laptop එක දෙසම බලාගෙන,
“මං කිව්වේ… dress එක.”
“හරි.” ආපසු හැරී කාමරයට ගිය ඇගේ හිත අමුතු විදිහට ගැහෙමින් තිබුණි.
චානුකත් laptop එක වසා දමා පුටුවේ පිටුපසට හේත්තු විය. ඔහුටත් තමන් දැන් කියපු වචන ගැන පුදුමය.
මේ කතාවේ අවසානය කෙසේ විසඳේවිදැයි දැනගැනීමට, අවසන් දිගහැරුමෙන් හමුවන තුරු රැඳී සිටින්න!
