නුඹ නැතුව නුඹ එක්ක

Image courtesy: pinterest

කැළනිය ම සිප ගන්න
සිහිල් මදපවන
මංදහාස නගන
නුඹේ රුව රැඳි නුවන
කොහෙන් හෝ ඇදෙන
නුරා ගීයකට
නුපුළුවනි සබඳ
වසාලන්නට
සවන් කවුළුව
නුඹේ මුදු හඬ රැඳුණ…

නුඹ එක් තැනෙක
මම තව තැනෙක
තැන් දෙකක රැඳි නමුදු
ඇසිල්ලක විරාමයක්
හද පියන් විවරකොට
ගෙන එන
අරුම හමුවක මිහිර
ළෙන්ගතු ම මතක සුවඳ..

ඕන මට හිනහෙන්න
නුඹෙ පපු තුරුලෙ හිඩැස් නොතබාම..
මට ඕනෙ නුඹෙ වෙන්න..
හාදු පොදි තවරන්න
ඝණ රැවුල් කොට අස්සෙ
තුරුලු වී සැනහෙන්න..

Rtr.ජයනි අනුෂිකා පෙරේරා

Leave a Reply