You are currently viewing Rota අපේ Online අවුරුද්ද 2020

Rota අපේ Online අවුරුද්ද 2020

“මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ”
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ… තෙල් ඉහිරුණු කැවුම් කන්න අපි හැමෝම හරි ම ආසවෙන් ඉන්නේ බක් මාසේ එනකම්, මොකද ලක්වාසී අපි හැමෝට ම විශේෂ, අපි හැමෝම හරි ම ආස කාලේ තමයි අවුරුදු කාලේ. ඉතිං හැම අවුරුද්දෙ ම වගේ මේ අවුරුද්දෙත් ඒ සොඳුරු අත්දැකීම විඳගන්න බලාගෙන හිටියත් මුළු ලෝකෙ ම වගේ ම පුංචි අපේ රටටත් covid 19 වසංගතේ ගොදුරක් වුණු නිසා ම අපේ ම හොඳට අපි හැමෝට ම ගෙදරට සීමාවෙන්න සිද්ධ වුණා. අපි ගෙදරට ම වෙලා අවුරුද්ද සමරන්න හිතුවත් , වෙනදා වගේ ම අවුරුදු ක්‍රීඩා කරන්න , යාළුවොත් එක්ක සතුටු වෙන්න අවස්ථාවක් දෙන්න Rotaract සමාජය දෙපාරක් හිතුවේ නෑ. ඇත්තට ම ඒක අපි හැමෝම බලන් හිටපු අපේ අවුරුදු උත්සවේ, වෙනදා වගේ ම නො වුණත් වෙනදටත් වඩා අලුත් විදියකට අපිට ඒ අත්දැකීම ලැබුණේ අපේ සංවිධායක මණ්ඩලයේ සමාජිකයන්ගේ කැපවීම නිසාමයි. #Rota අපේ Online අවුරුද්ද 2020# කවදාවත් නො හිතපු අලුත් අත්දැකීමක් , වගේ ම විනෝදයක් අපි හැමෝට ම ලැබුණේ, Rota අපේ Online අවුරුදු උත්සවේ තිබ්බ විශේෂත්වය නිසාමයි. අපි හැමෝට ම එකට එකතුවෙලා සමරන්න බැරිවුණත් ඒ අත්දැකීම අලුත් විදියකට අපිට ලබාගන්න පුළුවන් අවුරුදු උත්සවේ තරග වගේ ම ලැබුණු තෑගිවල ද වෙනසක් තිබුණ නිසයි. --හැංගිලා හිටපු අපේ සැඟවුණු අමුත්තව කොහොම හරි හොයාගත්තේ,

මානව ශාස්ත්‍ර පීඨයේ – මිශාරී ගුණරත්න සොයුරිය විසින් --වසන්ත කාලේ මල් කොහොම පිපුණත් සැඟවුණු මල හොයාගත්තේ

සමාජ විද්‍යා පීඨයේ – සමිත් යසිත් ලංකා සොයුරා විසින් --ඩිජිටල් තිරයේ දිස්වූ පැපොල් ගෙඩියේ ඇට ගාණ හරියට ම කිව්වේ,

කලමනාකරණ පීඨයේ – හශිනි නිසංසලා සොයුරිය විසින් --ඇස් ඇරගෙන කණාමුට්ටිය බින්ඳේ

කලමනාකාරණ පීඨයේ – වත්සලා හර්ෂණී සොයුරිය විසින් --සතුටු ම දවසක හොඳට ම ඇඬුවේ

කලමනාකරණ පීඨයේ- ඉශාන් උදයංග සොයුරා විසින්

–හැමදාම හිනාවුණත් එදා හොඳට ම හිනාවුණේ,

සමාජ විද්‍යා පීඨයේ – සුදේශ් අබේනායක සොයුරා විසින් හැම අවුරුදු උත්සවේක ම වගේ Rota අපේ Online අවුරුද්දෙත් අවුරුදු කුමරා , කුමරිය තේරුවා, ඒත් ටිකක් අලුත් විදියට online vote කරලා , කොහොම හරි 2020 Rota අපේ අවුරුදු උත්සවේ තවත් ලස්සන වුණේ, මානව ශාස්ත්‍ර පීඨයේ - නිලූපමා වික්‍රමගේ සොයුරියත් කලමනාකරණ පීඨයේ - දුෂ්‍යයන්ත ලක්ෂිත සොයුරාත්

අවුරුදු කුමරිය හා කුමරා ලෙස කිරුළු පැළඳි නිසාමයි.

Rota අපේ online අවුරුද්ද මෙතරම් සාර්ථක හා නැවුම් සංකල්පයක් විදියට ඉදිරිපත් කරන්න සංවිධායක මණ්ඩලයේ සමාජිකයන්ගේ කැපවීම අමතක කරන්න ම බැරි දෙයක් ඒ අතර ,
•ව්‍යාපෘති සම්බන්ධීකාරක ලෙස –
තරුෂි ඉලේපෙරුම
විමුක්ති සමීර

•සංවිධායක මණ්ඩලය ලෙස-
මලිත් කවින්ද
ගයාන් මුතුකුමාර

• නිදර්ශක නිර්මාණයෙන් –
මධූෂ ජයරත්න

•සංස්කරණය –
සුසෑන් සෙව්වන්දි
පාරමී රණසිංහ
රවින්දි සිරිවර්ධන

ඇතුළු දායකත්වය දැක් වූ සියලු ම සොයුරු සොයුරින්ගේ කැපවීම අගය කළ යුතු වෙනවා හැමදාමත් වෙනස් විදියේ සංකල්පයක් සමග නැවුම් අත්දැකීමක් අපිට ළඟා කරදෙන Rotaract සමාජයෙන් ඔයාල හැමෝට ම ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිදුක් නීරෝගී සුව අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු!

Rtr.සිත්මි නිම්තරා

Leave a Reply