You are currently viewing හිමි සඳ♥️

හිමි සඳ♥️

Image courtesy: pinterest

තාරපති නුඹ
තරු නැති රැයක..
තනිව පද මුමුණන්නැති..
ඒ නිසා තරු පිරුණු රැයකට වඩා සඳ තනි වුණු රැයක් තව ලස්සනට පේන්නැති…
ඒ දුඹුරු ඇස් කියන්නෙම හරි හුරු පුරුදු කතාවක්..
සඳ වුණත් ලස්සනට දිලුණෙ තරුවක් එක්කලු..
ඒ දුඹුරු ඇස් හෙව්වෙ පුංචි තරු කැටයක්ලු..
ඉඳින් මට අවසර ද?
වන්නට ඒ පහන් තරුව ..
ඉන්නට නුඹ ගාවින්ම..
නුඹ එක්ක පද වැල් මුමුණන්න..
ඉඳින් තනියම කියවමින්..
හොරෙන් පද අමුණන්නෙ
ඔව්..නුඹට වග..
නුඹ දන්නවා ඇති..

Rtr. Jayani Anushika Perera

Leave a Reply