You are currently viewing වෙස් මුහුනු බැඳි ප්‍රේමය

වෙස් මුහුනු බැඳි ප්‍රේමය

ආදරේ කියන්නෙම සොඳුරු හමුවීමකට

අන් හිතක් තව හිතක මුළු හිතම වීමකට

මතක් කළ විට පවා හිතම හිරි වැටෙනවට…

ආදරේ කියන්නෙම සොඳුරු මායාවකට

රළු හිතක් වෙඩරු මෙන් දිය කළැකි උණුහුමකට

සිහිනෙන් පවා මැවී සිනහවන් කැන්දවීමකට…

ආදරේ කියන්නෙම සොඳුරු ඇබ්බැහියකට

ළඟම අය සිටියදිත් තනියක් හිතට දැනෙනවට

සිටියනම් එයත් ළඟ කියන සිතුවිල්ලකට…

ආදරේ කියන්නෙම සොඳුරු භාවනාවකට

මතක් කළ විට පවා හිත නිවෙන කතාවක

සීතලම කදුලු බිදු ඇස් කොනෙහි රදවනවාට…

ආදරේ කියන්නෙම  පුදුමාකාර හැගීමකට

වෙන් වීමකින් කෙළවර නොවන ඇලීමකට

සසර දික් ගස්සවන සොඳුරු තෘෂ්ණාවකට…

Written by Rtr.Kulesha Rashmini

Community Service avenue

This Post Has 3 Comments

  1. Prabodha Gamage

    Nice❤️👍

  2. Vimansa Dilshani

    Love it 💞

  3. Isanka Yesmi

    Lovely !!

Leave a Reply