You are currently viewing ක්‍රිකට් ක්‍රීඩාව හා මනුෂ්‍යත්වය

ක්‍රිකට් ක්‍රීඩාව හා මනුෂ්‍යත්වය

මනුෂ්‍යත්වය යනු පෘථිවියේ සිටින සියල්ලන් ඇතුළත් වන මානව වර්ගය යි. එය අප ව මිනිසුන් බවට පත් කරන ගුණාංග සඳහා වන වචනයකි. එනම් ආදරය කිරීමට සහ අනුකම්පා කිරීමට ඇති හැකියාවයි. මානව වටිනාකම් පිරිහීම බොහෝ ජාතීන් තුළ සංසිද්ධියක් බවට පත්ව ඇත. මානව සාරධර්ම පිරිහීමේ මෙම ප්‍රවණතාවය රටේ අනාගත සංවර්ධන ගමනට පමණක් නොව එහි පැවැත්මට, ගෞරවයට සහ අධිකාරියට පවා බරපතල තර්ජනයක් එල්ල කරයි.

ක්‍රීඩාව වනාහි, ඈත අතීතයේ පටන්ම මිනිස් ප්‍රජාව හා බධ වී පැවති දෙයක් වූ බව නොරහසකි. ඇතැම් විට ඈත අතීතයේ පටන්ම මිනිසා නොයෙක් ක්‍රීඩාවන්හි නිරත වූයේ ඔවුනොවුන් අතර එකමුතුබව හා අන්ත ර්සම්බන්ධතා පවත්වාගෙන යාම සඳහා මහෝපකාරි වන බව දත් නිසාවෙන් විය හැකි ය. එහෙයින් ක්‍රීඩාව මනුෂ්‍යත්වය ගොඩ නැගීමට ඉවහල් වන බව කිව හැකිය. ක්‍රීඩාවේ ජීව ගුණය රඳා පවතින්නේ මිනිසා අතර තිබෙන බැඳීම තුළින්ය. සෑම සියලු ජාතියකටම තමා කැමති ඕනෑම ක්‍රීඩාවක් කිරීමට අයිතියක් තිබේ. එතුළින් විවිධ ජාතීන් අතර , රටවල් අතර සම්බන්ධතා වර්ධනය කිරීමට අවස්ථාව උදාවේ. ඒ අතරින් ක්‍රිකට් ක්‍රීඩාව යනු මුළු මහත් ලෝකයාගේම ජනප්‍රියත්වයට පත්වූ ජනතාව ආදරයෙන් වැළඳගත් ක්‍රීඩාවකි.

මනුෂ්‍යත්වය ගිලිහෙමින් පවතින මෙවන් කාලයක ක්‍රිකට් ක්‍රීඩාව තුළින් නැවත ගිලිහුණු එම මනුෂ්‍යත්වය යළි නගාසිටුවීමට Down The Wicket සංවිධායක අප උත්සාහ දරන්නේ එම නිසාවෙන්මයි. අපගේ තේමා පාඨය වන්නේ ” Together Stronger ” සැවොම එකතු වුවහොත් කළ නොහැක්කක් නැත යන්නයි. තේමා ලාංඡනයේ පෙන්වන පරිදි අත්වලින් නිරූපණය වන්නේ විවිධ ජාතීන් ය. ජාතීන් අතර එකමුතුවක් සෑදීමට ක්‍රිකට් ක්‍රීඩාව ඉවහල් වන අදහසින් මෙම තේමාව අපි විසින් නිර්මාණය කළෙමු.

විවිධ ජාතීන් වල විවිධ ආගම්වල වල පිරිස් ජාතික කණ්ඩායම්වලට පවා සෙල්ලම් කරනවා ඔබත් මමත් ඕනෑ තරම් දැක තිබේ. එම ක්‍රීඩා තුලදී ඔවුනොවුන් අතර සියලු ජාතිබේද ආගම්බේද නොතකා ක්‍රීඩා කරනු දැකීම ඉතාමත් ප්‍රීතියට කරුණකි. ජාති ආගම් ලෙස වෙන් වූ රටක් තුළ ක්‍රිකට් ක්‍රීඩාව තුළින් නැවතත් මේ ජාති ආගම් හා විවිධ මත දරන්නන් එක මතයකට ගෙනැවිත් එක් කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරනු දැකීම Down The Wicket සංවිධානය කරන අපගේ අවශ්‍යතාවයයි. එමෙන්ම ජාතීන් අතර පවතින අන්‍යෝන්‍ය රැඳියාවත් ඔවුනොවුන් එක් වූ කළ විශාල ශක්තියක් ලබාදෙන බවත් ඔබට සහතික කර පෙන්වීමට ‘Down The Wicket’ තුළින් නිසැකවම හැකිවේ යැයි අපි පතන්නෙමු.

Written by:- Rtr. Sewwandi Rexmi | Logo concept by:- Rtr. Anushka Kasthuri Arachchi, Rtr. Yasith Dayarathna | Logo designed by:-  Rtr. Hashan Koonara, Rtr. Priyankara Madushan

Leave a Reply