You are currently viewing අකුරු

අකුරු

කර්කශ ලැහැබ තුළ අතරම කටු පඳුරු
පිපුනම තමයි ලස්සන හැඩ මල් පොකුරු
දිවියක තිබෙන විට එළි නොව මද අඳුරු
එයමයි දිනෙක එළියක් වන්නේ සොඳුරු

දිවි මඟ උනත් නොමවේ හැම දින රුදුරු
ලැබගත යුතුයි විරියෙන් හැම දේ සොඳුරු
ජයගත හැකියි නම් කැපවීමෙන් අකුරු
ආලෝකයකි එය ජීවිතයට මහරු

පොතක් තුළට ගත හැකි වේ ලෝකයම
සිතක් පුරවගත්තොත් ඒකයි දිනුම
නිමක් නොවන දෙයකිය ලැබුවොත් දැනුම
හෙටත් උගත හැකිවන කරුණුය බොහොම

සතොස් සිතින් ලැබුවොත් ශිල්පය ලබන
මඟක් දුර නොවේ ජීවිතයම දිනන
පොතට පතට අකුරට ඇල්ම ම වඩන
පුතෙක් වෙයන් අකුරෙන් හෙට ලොව දිනන

Winning Article – Sinhala
Click 2022 – Creative Writing Competition

Organized by the Editorial Avenue of RACUOK

Leave a Reply